ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුවට තේරි පත්වු මහජන නියෝජිතයන්ගේ වැඩි ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික ජනරජයේ අටවන විධායක ජනාධිපති වශයෙන් තේරි පත්වු රනිල් වික්‍රමසිංහ මහතාට රට රකින ජන හඬ සංවිධානයේ සුභාෂිංෂනය පිරිනමයි.
මේ සම්බන්ධයෙන් එම සංවිධානයේ සභාපති මෙම සංවිධානයේ සභපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් මෙසේද කීයා සිටියි. අද අපේ රට ආර්ථික වශයෙන් මහත් අවාසනාවන්ත තත්ත්වයකට පත්වි තිබිමත් ඒ තුලින් දිනෙන් දිනම ජනතා උද්ඝෝෂණ වර්ධනය වෙමින් පවති බවත් නොරහසකී. එවැනි තත්ත්වයකට මේ රට පත්වූයේ හැට නව ලක්ෂයක ඡන්දයෙන් තේරිපත්වු හිටපු ජනාධිපතිවරයාගේ තිබු සවන් නොදීමත් , සුදුස්සාට සුදුසු තැන ලබානොදී කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව කිවහොත් එය ඕනෑම කෙනෙක් අවිවාදයෙන් පිළිගන්නා කරුණකී.
ඒ අනුව රට ඉදිරියට ගෙන යෑමේදී ඇතිවන සියලු බාධක බිඳ දමා බුදුන්වහන්සේ වදාල ‘‘මානිවත්ථ අභික්ඛම‘ යන බුදුවදන සිහිකරමින් නොනැවති ඉදිරියට යෑමට තනුරුවනේ ශක්තිය , ජයශ්‍රීමහා බෝ සමිඳුගේ ආරක්ෂාව ලබේවායි ප්‍රාර්ථනා කරන කරන අතර අනෙකුත් දේශපාලන පක්ෂ වලින්ද අප ඉල්ලා සිටින්නේ පාට පාට කණ්ණාඩිවලින් නොබලා එක් එක් දෘෂීඨි කෝණයන්ගෙන් නොබලා රටේ ඉදිරි ගමනක් ජාතියේ පැවැත්මක් ගෙන යෑමට ඔබතුමන්ලාගේද සහයෝගය අවංකවම ලබාදෙනු ඇතැයි අප විශාවස කරන්නේමු.
රටේ නායකයා තුල තිබිය යුතු ගුණධර්ම දහයක් දසරාජ ධර්මන යන නමින් බුද්ධ දේශනාවේ පවතී. දසරාජ ධර්මය අනුගමනය කරමින් රජකළ පෙර රජ දරුවනට ජනයා ප්‍රසාදය වැඩි වු බව ඔබ දන්නා කරුණකී. එබැවින් මේ අවස්ථාවේ අප ඔබතුමාට ද පෙන්වා දෙනුයේ දස රාජ ධර්මය මුල්කරගෙන කටයුතු කිරීමත් වැරැදි උපදෙස් දෙන කේවට්ටයින් ඈත්කරගෙන ජනතා හඬට කන්දෙන උපදේශකවරුන් ලංකර ගෙන මහෝෂධයින් නිරන්තරවම ආශ්‍රය කරමින් තම කාර්යභාරයන් මැනවින් ඉටු කිරීම යුගයේ අවශ්‍යතාවය මත අත්‍යාවශ්‍ය දෙයක් බවයි.
