25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නව ජනපතිගේ ක්‍රියාකලාපයන් දෙස දැඩි ශෝකයෙන් බලා සිටින්නෙමු.

නව ජනපතිගේ ක්‍රියාකලාපයන් දෙස දැඩි ශෝකයෙන් බලා සිටින්නෙමු.

වසර හැත්තෑ හතරක දේශපාලන ඉතිහාසයකට ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ උරුමකම් කියයි. මෙම දීර්ඝ දේශපාලනය තුළ වර්තමාන කාලවකවානුව අති දැවැන්ත සන්ධිස්ථානයකී. එනම් ජනතාව සක්‍රීයව තම ඉල්ලීම් වෙනුවෙන් සටන් කිරීමයි. වරින් වර ජනතා නියෝජිත දේශපාලශයන්ගේ වචන සහ පොරොන්දුවලට අවනතව තමාගේ අදහස් බලාපොරොත්තු හිතැතිව ඡන්ද දායකයන් එදා පාර්ලිමේන්තු ජනවරම දේශපාලඥයන්ට ලබාදුණි. මෙලෙස ඔවුහු තම අහිංසක බලාපොරොත්තු හිතේ ඉවසා දරා විශාල කාලයක් සිටියහ. නමුත් වර්තමානයේදී තම බලාපොරොත්තුවලට සාධාරණයක් ඉටු නොවීමත්, අධික ජීවන බර, බඩගින්න,දැරු දුක වැනි මූලික අවශ්‍යතාත් නිසා ජනතාව අරගලයකට පා තැබීය.

මේ තුළින් ඔවුන් විවිධාකාරයේ ජයග්‍රහණ රැසක් ලබා ගත්තේය. ඒ් ජයග්‍රහණ ලොවටම ජන බලයේපණිවුඩය රැගෙන ගියේය. විවිධ දේශපාලන පක්ෂවල නොයෙකුත් බලපෑම් සිදුවුනද ඒ් සියල්ලක්ම මැඩ පවත්වමින් අපක්ෂපාති ජනහඩ ඉදිරියටම ගෙන ගියේය. මෙම කර්තව්‍යයන්ගේ ප්‍රතිඵලයක් ලෙස දූෂිත දේශපාලකයන් ලෙස ප්‍රකටව සිටින හිටපු අගමැති, ජනාධිපති තම ධූරයන්ගෙන් ඉල්ලා අස්වූහ. නමුත් දැඩි කණගාටුවකින් මේ සටනේදී දිවි අහිමිවු වීරෝධාර දේශප්‍රේමීනටද අපි මතක් කළ යුතුමයි ඔවුන්ට හිස නමා ආචාර කළ යුතුයි. අවසානයේ දී පාර්ලිමේන්තුව තුලදි ජූලි (20) රහස් ඡන්දයකින් නව ජනාධිපති පත්විය. මෙය අරගනයේ සෘජු බලපෑමකින් සිදුවුණු ඡන්ද විමසීමකි.ඒසේ තිබියදී ත් (22) අලුයම එතුමගේම විධානය යටතේ ම්ලේච්ඡ ලෙස අරගලකරුවන්ට පහරදීමක් සිදුව ඇත. එයද අප රටේ දැඩි ගෞරවයට පාත්‍ර වු ත්‍රිවිධ හමුදාවන්හි සාමාජික අතිනි.

ඔහු මුළු මහත් ලාංකික ජන ප්‍රජාවගේම බලාපොරොත්තුවලට ප්‍රතිපිළිතුරු වෙනුවට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ජනතාව විසින්ම නිර්මාණය කළ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගනිමින් ජනාධිපති ධූරයට පත්වු ඔහු උණුසුම් යන්නත් පෙර සිදුකළ මේ මහා විනාශකාරි ක්‍රියාව අපි ජනතා ව්‍යාපාරයක් ලෙසත් මුළු මහත් පුරවැසි ප්‍රජාවක් ලෙසත් දැඩිව හෙලා දකිමු.

මෙලෙස ජනතා අයිතීන් සහ ඔවුන්ගේ ඉල්ලීම්වලට පෙනී සිටි බොහෝ තරුණයින්ට බරපතල ප්‍රහාර එල්ලවී රෝහල් ගතවී ඇත. ඔවුන්වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරන්ම ද විවිධ තර්ජන එල්ලවී ඇත. මෙය පාර්ලිමෙන්තුවේ උත්තරීත්තවයට හඩ ගැසීමකී. අපි ඔබතුමා ඇතුළු ජන මතය හා ගමන සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ‌මෙවැනි වු පහත් ,නින්දිත ක්‍රියාවන් නොකර ලෙසයි. එමෙන්ම මෙලෙස ප්‍රහාරයට ලක්වූවන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකර ලෙසත් අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments