29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedජූලි 22 අලුයම අරගලභූමියේ දී මාධ්‍යවේදීන්ට සිදු කළ ප්‍රහාරය තරයේ හෙලා දකිමු-රට වෙනුවෙන් මාධ්‍යවේදීයෝ...

ජූලි 22 අලුයම අරගලභූමියේ දී මාධ්‍යවේදීන්ට සිදු කළ ප්‍රහාරය තරයේ හෙලා දකිමු-රට වෙනුවෙන් මාධ්‍යවේදීයෝ සංවිධානය

ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති අර්බුද හමුවේ ජනතාව විසින් ඒකරාශීව සිදු කරන්නා වූ ගාලු මුවදොර අරගලය දෙශීය හා  විදේශීය  මාධ්‍යවේදීන් රැසක් ආවරණය කිරීම සදහා යොමු වී තිබුණි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය නාලිකා මෙන්ම විදේශීය මාධ්‍ය නාලිකා ද ඔවුන්ගේ කණ්ඩායම් සමඟ දින 100 කට වැඩි කාලයක් පැවති මෙම අරගලයේ නිවැරදි තොරතුරු අරගලභූමියේ සිටම සජීවිව ජනතාව වෙත ලබා දීමට කැපවීමෙන් වැඩ කරනු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හා ජනතාව මුහුණපාන ගැටලු පිළිබදවත්, රට මෙවැනි තත්ත්වයට ඇද දැමූ පාලකයින්ට විරුද්ධව වඩා සාමකාමීව ගෙන යන අරගලයේ තොරතුරු විදෙස් මාධ්‍ය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කිරීම මගින් ශ්‍රී ලාංකේය ජනතාව වෙත ඔවුන්ගේ කාරුණික දෑත් දිගු කර ආධාර උපකාර කිරීමට කටයුතු කරණු දක්නට හැකි විය. 

විටින් විට අරගලකරුවන් හා ආරක්ෂක අංශ අතර හටගත් ගැටුම් හේතුවෙන් එය ආවරණය කිරීම සදහා පැමිණ රාජකාරියෙහි යෙදී සිටි මාධ්‍යවේදීන්ට ද ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය. යම් සිදුවීමක් සත්‍යවශයෙන්ම ජනතාව වෙත ගෙන ඒමේ අභිලාෂය ඇතිව තම වෘත්තීය අකුරටම ඉටු කිරීමට අරගල භූමිය වෙත ගොස් රාජකාරි කටයුතු වල නිරත මාධ්‍යවේදීන් හට 2022  ජූලි 22 දින අලුයම  එල්ල කල ප්‍රහාරයන් ‘‘රට වෙනුවෙන් මාධ්‍යවේදියෝ’’ සංවිධානය තරයේ හෙලා දකිමි. 

ජනතාව වෙනුවෙන් නිවැරදි තොරතුරු වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදීන් හට ඔවුන්ගේ වෘත්තීය නිසියාකාරව කරගෙන යාමට බාදා පැමිණවීමට කිසිදු පාර්ශවයකට සාදාචාරාත්මක අයිතියක් නොමැති බව පෙන්වා දෙන අතර, විදේශ මාධ්‍යවේදීන්ට පහර දීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට දැඩි හානියකි. දේශීය මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ මාධ්‍ය උපකරණ විනාෂ කර දැමීමට කටයුතු කළ ආරක්ෂක අංශ නිළධාරීන් හට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, නැවත මෙවැනි තත්ත්වයක් මාධ්‍යකරනයේ යෙදෙන මාධ්‍යවේදීන්ට සිදු නොකිරීමට රටේ පාලකයන් වගබලාගත යුතු බවත් අවධාරණය කර සිටිමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments