29.1 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsකිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයා ගෝරිල්ලා රංජි හා ඔහුගේ සහෝදරයා ‌හෙරොයිින් සමග...

කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයා ගෝරිල්ලා රංජි හා ඔහුගේ සහෝදරයා ‌හෙරොයිින් සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන නායකයකු වන දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකාබද්ධව සිදුකල මෙහෙයුමකදී ඉන්දියාවෙිදී අත්අඩංගුවට පත් සින්නයියා ගුණසේකරමි නොහොත් කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයකු වන ගොරිල්ලා රංජි නොහොත් රත්නම් රංජිත් කුමාර් සහ ඔහුගේ සහෝදරයා හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) බ්ලුමැන්ඩල් පොලිස් වසමේ අංක 162/656, මාදම්පිටිය පාර, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වනසින්නයියා ගුණසේකරමි නොහොත් කිඹුලා ඇලේ ගුණා ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයකු වන අතර මොහු මනුශ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සෘජුවම සම්බන්ධ වයස අවුරුදු 45 ක් වන මාදම්පිටිය පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි රත්නම් රංජීත් කුමාර් නොහොත් ගොරිල්ලා රංජි සහ ඔහුගේ සහෝදරයා වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක් වන පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 74 මිලි ග්‍රෑම් 880 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද ඉකුත් (12) මාදම්පිටිය ප්‍රදේශයේ දී ප්‍රදීපන් නැමැති පුද්ගලයාට වෙඩි තැබීම සඳහා රත්නම් රංජීත් කුමාර් නොහොත් ගොරිල්ලා රංජි උපදෙස් ලබා දී ඇති බවට කරන ලද විමර්ශණ වලදී අනාවරණය විය.
අත්අඩංගුවට ගත් හෙරොයින් වල දළ වටිනාකම රුපියල් 800,000.00 ක් පමණ වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments