25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුලු වී දේපල...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුලු වී දේපල වලට හානි කිරීම සම්බන්ධව සැකකරුවන් හඳුනාගැනීම සඳහා මහජන සහය පතයි.

ඉකුත්(09) ඇති වූ කළහකාරී හා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී කළහකාරී පිරිස් විසින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අංක 119, පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පුද්ගලික නිවසට රාත්‍රී කාලයේ අයුතු ලෙස ඇතුළු වී පහරදී ,ගින්නෙන් හානි කර, දේපල විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරගෙන යනු ලබයි.
මෙම සිදුවීමට අදාලව ලබාගත් සමීප ආවේක්ෂණ දර්ශන හා විමර්ශනයට අදාලව ලබාගත් විඩීයෝ දර්ශන ඇසුරින් මෙම හානි සිදු කිරීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍යව ඇත.
ඒ අනුව, නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සඳහා මීට අදාළ ඡායාරූප 14 ක් මේ සමඟ ඔබ මාධ්‍ය වෙත යොමු කරන අතර මෙම ඡායාරූප වල සිටින පුද්ගලයින් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් WhatsApp මඟින් හෝ ඇමතුම් මගින් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක :
071-8594950
071-8594929
011-2422176


RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments