මෙරට බැංකු ක්ෂේත්‍රයේ පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ බැංකුවක් වන DFCC බැංකුව පසුගියදා ලෝක පාපැදි දිනය සැමරීමට කටයුතු කළේ ය. සෑම වසරකම ජූනි 03 වන දිනට යෙදෙන ලෝක පාපැදි දිනය, සරල, ලාභදායී, පරිසර හිතකාමී සහ සෞඛ්‍යයට හිතකර ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදියේ වැදගත්කම අවධාරණය කරයි. මෙම දිනය සැමරීම සඳහා DFCC බැංකුව තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් පාපැදි වලින් රාජකාරියට පැමිණීමේ දිනයක් ප්‍රකාශයට පත්කළ අතර, පාපැදි කරුවන් 30 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව කිලෝමීටර් 15 ක පාපැදි සවාරියක්ද සංවිධානය කළේ ය.
එමෙන්ම පාපැදි භාවිතයේ ආචාරධර්ම, ආරක්ෂක විධිවිධාන, පාපැදියෙන් රැකියාවට පැමිණීම මගින් ලැබෙන වාසි සහ තමන්ට වඩාත්ම හොඳින් ගැළපෙන පාපැදියක් තෝරාගන්නා ආකාරය යනාදී කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කරන ලද අතර, කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
ක්‍රියාශීලී ජීවිතයක වැදගත්කම පෙන්වා දීම, DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම අංගයකි. මේ යටතේ තම කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව උත්සාහ කරයි.
එමෙන්ම DFCC බැංකුව 2020 වසරේදී මාසික පාපැදි දිනයක් ප්‍රකාශයට පත්කරමින්, එය නොකඩවා පවත්වාගෙන යන ප්‍රථම බැංකුවයි. හෝර්ටන් පෙදෙසේ නව ‘DFCC Pinnacle’ මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව මෙය සංවිධානය කරන ලද අතර, එම අවස්ථාවට බැංකුවේ ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්වූහ. පාපැදියෙන් රැකියාවට පැමිණීම සහ ජීවන රටාවේ අංගයක් ලෙස පාපැදි භාවිතා කිරීම ප්‍රචලිත කිරීම සඳහා සුළුවෙන් ආරම්භ කළ මෙම වැඩසටහන ඉතා සුළු කාලයක් තුළ බෙහෙවින් ජනප්‍රිය වූ අතර, මේ වනවිට බැංකුවේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් තම එදිනෙදා ගමන් බිමන් සඳහා පාපැදි භාවිතා කරති. විශේෂයෙන්ම මධ්‍යම, උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල DFCC බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතර පාපැදි භාවිතය මෑතකාලීනව බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.
මාසික පාපැදි දිනයන් සංවිධානය කරනු ලබන්නේ DFCC බැංකුවේ සුවතා කමිටුව සහ මානව සම්පත් අංශය විසිනි. මේ සඳහා ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසකගේ නොමඳ සහයෝගය හිමි වේ. පාපැදි භාවිතය ජීවන රටාවේ අංගයක් බවට පත්කරමින් තම කාර්ය මණ්ඩලය අතර එය ප්‍රචලිත කිරීම සඳහා DFCC බැංකුව සිය සන්නාමය සඳහන් ඇඳුම් කට්ටල හඳුන්වා දී ඇති අතර, පාපැදි මිලදී ගැනීමට බලාපොරොත්තු වන සාමාජික සාමාජිකාවන්ට ඒ සඳහා මූල්‍ය සහය ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවා තිබේ.
කිලෝමීටර් 15 පාපැදි සවාරියට එක් වූ පිරිස මෙහි දැක්වේ.
