29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොලිසියට අවශ්‍යවු මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැක කිහිප දෙනකු ‌එස්.ටී.එෆ්.දැලේ.

පොලිසියට අවශ්‍යවු මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැක කිහිප දෙනකු ‌එස්.ටී.එෆ්.දැලේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවකු හා සංවිධානාත්මක අපරාධ කරුවකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පුකුඩිකණ්නාගේ මෙහෙයවිම මත සිදුකළ ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි, විශේෂ මෙහෙයුම් ජේෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී.ඩී.ආර්. කරුණාරත්න මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (28) ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර එහි දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවකු හා සංවිධානාත්මක අපරාධ කරුවකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පුකුඩිකණ්නාගේ මෙහෙයවිම මත ඉකුත් ජූනි (06) ත්‍රිරෝද රථයකින් සහ යතුරු පැදයකින් පැමිණ ස්වයංක්‍රිය ගිණි අවියකින් මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ ස්ටීවන් විනෝදන් යන පුද්ගලයා වෙඩිතබා ඝාතනය කිරිම සම්බන්ධව සැකපිට කිඹුලාඇල ප්‍රදේශයේ පදිංචි වයස 29 ක් වන පදික වෙළදාමේ නිරත අයකු, කොටහේන, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස 25 ක් වන රියදුරෙකු වශයෙන් රැකියාව කරන පුද්ගලයෙකු සහ ග්‍රෑන්පාස් ස්ටේස් පාර, කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස 37 ක් වන පදික වෙළදාමේ නිරත අයකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු සමග ත්‍රිරෝද රථය සහ යතුරු පැදිය අත්අඩංගුව ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බන්ධනාගාර ආරක්ෂක කම්බි වැට අසල සගවනලද ජංගම දුරකථන දුමිකොල හා සුරුටිටු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සොදිසි රාජකාරීයේ යෙදිසිටි උප පොලිස් පරීක්ෂක එන්.ජී.එන්. දිසාන්ත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31) බන්ධනාගාර පිටත ආරක්ෂක කම්බි වැට අසල ඇති කැළෑබද ප්‍ර‍දේශය පරීක්ෂා කිරීමේ දී සගවා තබන ලද ජංගම දුරකතන 04 ක්, දුරකතන ආරෝපණ 02 ක්, දුරකතන බැට්රි 06 ක්, 2GB මතකපත්‍ර 02 ක් හා අඟල් 03 ක් දිග දුම්කොළ සුරුට්ටු 295 ක් ඇතුලත් පාර්සල් 03 ක් සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments