29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලබන (05) ලිට්‍රෝගැස් මිල අඩුවේ.

ලබන (05) ලිට්‍රෝගැස් මිල අඩුවේ.

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් දින වැඩිකළ රුපියල් පනහට වඩා ලොකු මිලකින් ලබන (05) අඩුවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි.

‘දිනමිණ’ සිදුකළ විමසුමකදි වැඩිදුරටත් අදහස්දැක්වු ඒ් මහතා කියා සිටියේ මේවනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස්වල මිල යම් අඩුවීමක් තිබෙන අතර එහි වාසිය ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ට ලබාදෙන බවය. මේවනවිට ගෑස් පෝලීම් නැතිකිරීමට තම සමාගම කටයුතු කර තිබෙන අතර ලක්ෂ විස්සකට අධික සිලින්ඩර ප්‍රමාණයක් පාරිභෝගිකයින් වෙත බෙදාහැරීමට පියවර ගෙන තිබෙන බවද හෙතෙම කීය.

මේ දිනවවල ග්‍රාමීය ප්‍රදේශවල ගෑස් බෙදාහැරිම සිදුකරන අතර මෙය ඔක්තොම්බර් (31) දක්වා සිදුවන අතර ඉන් පසු මෙම නොවැම්බර් සිට ලබන වසරේ 2023 නොවැම්බර් දක්වා නව ගෑස් සැපයුම්කරුවෙකු සමග එකතුවෙමින් ගෑස් ජනතාවට ලබාදීමට පියවර ගන්නා අතර ඉදිරි මාස පහළොවක් කාලයක් පුරා ගෑස්වලින් සුරක්ෂිත බවද සභාපතිවරයා පැවසුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments