29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවු විරෝධතාකරුවන්ගෙන් මුලින් ඇතුළුවු පුද්ගලයා අත්අඩංගුවට...

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවු විරෝධතාකරුවන්ගෙන් මුලින් ඇතුළුවු පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ජූනි (09) ගාලුමුවදොර පිටියේ පැවැත්වු විරෝධතාකරුවන්ගෙන පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයතුලට නීති විරෝධිව ඇතුළුවි එහි දේපොළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

එම විමර්ශන වලට අදාලව හඳුනාගත් සැකකරුවන් අතරින් ජනාධිපති ලේකම් කාර්යාලයට මුලින්ම ඇතුළුවු පුද්ගලයා ලෙස හඳුනාගත් සැකකරු කොළඹ උතුර කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් (01) දහවල් කාලයේදී පරණ පාර, පන්නිපිටිය, ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක්වු පරණ පාර, පන්නිපිටියේ ප්‍රදේශයේ පදිංචි අයකුවේ. මොහු එදින පිහියක් අතැතිව සිටිමින් ළඟට ආවොත් පිහියෙන් කපන බවට ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර නැතිනම් පිහියෙන් තමාගේ ගෙල කපා ගන්නා බවටද නිලධාරින් ඉදිරිපිට ප්‍රකාරශ කර ඇති බවට මෙතෙක් සිදුකරනු ලැබු විමර්ශනවලදි පෙනි ගොස් ඇත. මොහු මෙසේ ප්‍රචණ්ඩව හැසිරීමත් සමග විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට නිීති විරෝධි ලෙස ඇතුළුවි ඇති බවට නිරික්ෂණයවේ. සැකකරු සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments