කොළඹ 07, මල්පාර, අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ඇතුල්වීම සිදුකර එහි දේපලවලට අනර්ථය සිදු අලාභහානි සිදුකිරීම සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරමින් පවති.
ඒ් අනුව මෙම සිද්ධියට අදාලව සමීප ආවේක්ෂණ දර්ශන හා විමර්ශනයේදී ලබාගත් වීඩියෝ දර්ශන ඇසුරින් අදාල දේපල හානි සිදුකිරීමේදි ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගේ නිශ්චිත අනන්‍යතායන් තහවුරු කර ගැනීම සඳහා මහජන සහය පතන අතර ඇමතුම් මගින් වට්ස්ඇප් (whatsapp) මගින් දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දු.අ. 071-8594950,071-8594901,071-8594924,011-2422176