26.6 C
Sri Lanka
Wednesday, November 12, 2025
Homeදේශීය පුවත්මෙවර අයවැයෙන් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ගෙනා යෝජනා සම්බන්ධව රජයේ විධායක නිලධාරින්ගේ එකාබද්ධ...

මෙවර අයවැයෙන් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ගෙනා යෝජනා සම්බන්ධව රජයේ විධායක නිලධාරින්ගේ එකාබද්ධ කමිටුව සතුට ප්‍රකාශ කරනවා…

කොළඹ වික්‍රමපාල

මෙවර අයවැයෙන් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ගෙනා යෝජනා සම්බන්ධව රජයේ විධායක නිලධාරින්ගේ එකාබද්ධ කමිටුව සතුට ප්‍රකාශ කරන අතර තවත් කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කිපයක් පෙන්වා දෙන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ . එල් උදයසිරි මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (12) රජයේ විධායක නිලධාරින්ගේ එකාබද්ධ කමිටුව මාධය හමුවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද කීය…..අයවැය කාරක සභාවේදී මේ ගැන අවධානය යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. විශ්‍රාම වැටුප පෙර පරිදිම ලබාගන්න පුළුවන්.
රජය විසින් ගනුලබන ප්‍රතිපත්ති තින්දු පහලට ක්‍රියාත්මක වෙන්නෙ මේ නිලධාරින් හරහා
මේ අයවැය වසරක කාලයක් අධ්‍යනය කරලා එලිදක්වපු අයවැයක් ඉකුත් කාලේ එකතැනකින් තින්දු අරගෙන ක්‍රියාත්මක නොකිරිම නිසා විවිධ අර්බුද ඇතිවුණා.
රට වැටුන ඕනෑම අවස්ථාවක නැවත ඉක්මනින් ස්ථාවර වෙන්නෙ මේ රාජ්‍ය නිලධාරින් නිසා
රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන වෙන්න ඕනෑ ඒකට පලපුරුදු අය ඒ තැන් වල ඉන්න උවමනායි. ඒ නිසා ප්‍රතිසංවිධාන වැඩපිලිවෙල අපි යොජනා කර බව පෙන්වාදුන්නේය.
රැකියා සදහා බදවාගැනිම් මොන ආකාරයෙන්ද කියලා තිරණය කළේ කළමනාකරන අයතනය නමුත් ඒකට සුදුසු නිලධාරින් නෑ ඒ ගැනත් අපි යොජනා ගෙනාවා. නමුත් ඒ යොජනාගැන සකච්ඡාවේලා නෑ
අපි බලාපොරොත්තුවෙනවා අයවැය කාරක සභාවේදි මේගැන සලකා බලයි කියලා. රාජ්‍ය සේවයේ වැටුප් විශමතාවයක් තියනවා යහාපාලන කාලයේ වැටුප් එකාදිකාරිව වැඩි කරපු නිසා විධායක නිලධාරින්ට වැටුප් විශමතාවයක් මතුවුණා.
අපි යොජනා කරා මේ සම්බන්දව සලකාබලන්න යොජනාවලියක් රජය එය පිලි අරගෙන තියනවා ඒ අනුව වැටුප් කොමිෂන් සභාවක් පිහිටුවලා තියනවා ඒ ගැන අපි සතුටුයි.
විශාම වැටුප පෙර පරිදි දෙන්න කියලා අපි යොජනා කරා රජය එය පිලිඅරන් තියනවා ඒ බදා ඉවත්කරලා තියනවා දැන් 2016 ඉදන් නැවත විශ්‍රාම වැටුප ලැබෙනවා. නිවාස හිමිකමක් වෙනුවෙන් නිවාස ණයක් ලබාගැනිමට රජය සහන දායි ණය ක්‍රමයක් හදුන්වා දිලා තියනවා එයත් ඉතා හොද් යොජනාවක්.

අපිට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවිම් අවශ්‍යයි ඒ සදහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණු කිරිම් ඇකඩමියක් ආරම්බ කරන්න කියලා අපි යොජනා කරා එක අයවැය කාරක සබාවේදි සකච්චා වෙයි කියලා අපි හිතනවා.
රාජ්‍ය සේවකයන්ට ප්‍රවාහාන පහසුකම් අපි ඉල්ලුවා ඒ ගැන සකච්චා කරලා නෑ
රජ්‍ය සේවයේ ප්‍රවාහාන වෙනුවෙන් වාහන අලුත්වැඩියාවට ගියවසරේ මිලියන 25 ක් වැය කරලා තියනවා කියලා ජනාධිපතිතුමා කිව්වා ඒ නිසා ප්‍රවාහාන දිමනාවක් අපි ඉල්ලුම් කරා එතකොට මෙතරම් වියදමක් රජය දරන්න ඔනෙ නෑ නමුත් ඒක සකච්චාවෙලා නෑ .
වාහන පොමිට් සංස්කෘතිය නැතිකරන්න ඔනා කිව්වා ජනාධිපතිතුමා ඒ නිසා විධායක ශ්‍රේණියේ නිලධාරින් කනස්සල්ලෙන් ඉන්නෙ . හැම රාජ්‍ය සේවකයන්ම හොරකම් කරන්නෙ දුශනය කරන්නෙ නෑ ඒ නිසා සමස්ත රාජ්‍ය සේවකයාටම චොදනා එල්ල කරන්න එපා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments