අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 370ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථනාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) කැන්දලියද්ද පාළුව, ගණේමුල්ල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 370 ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 39 හා 41 වයසේ පසුවන වැලිවේරිය හා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. එහිදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 370ක්, මුදල් රුපියල් 23,000.00ක්, ඩිජිටල් තරාදි 01ක්, ජංගම දුරකථන 04 අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර එක් ලක්ෂ අනූ දහසකට ආසන්න වටිනාකමක් ඇති ඩීසල් ලීටර් 450 ක් ඉතා සූක්‍ෂම ලෙස හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ඒ.ඩී.එස්. කුලතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) කල්ලරාව හන්දිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉතා සූක්‍ෂම ලෙස බස් රථයේ පිටුපස භාණ්ඩ ප්‍රවාහන කුටියේ ප්ලාස්ටික් බූලි තුල සඟවන ලද ඩීසල් ලීටර් 300 ක් ද ඉන්ධන ටැංකියට යාබදව යකඩ බැරලයක් ආධාරයෙන් සකස් කරන ලද ව්‍යාජ ඉන්ධන ටැංකියක තිබූ ඩීසල් ලීටර් 150 ක් බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අවුරුදු 22 සහ 40 වයසේ පසුවන පුල්මුඩේ සහ නිලාවේලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් ඉන්ධන ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් එක් ලක්‍ෂ අනු දහසකට ආසන්න වටිනාකමකින් යුක්ත වේ.
