25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නීති විරෝධිව අධික මිලට ඉන්ධන අලෙවි කිරීමට තැත්කළ ඉන්ධන බවුසරයක් මීගොඩ පොලිසිය...

නීති විරෝධිව අධික මිලට ඉන්ධන අලෙවි කිරීමට තැත්කළ ඉන්ධන බවුසරයක් මීගොඩ පොලිසිය අත්අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ් අනුව ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් රැගෙන එන ඉන්ධන බවුසර් වැඩිමිලට විකුණන බවට මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර (02) දින රාත්‍රී කාලයේදි ඔටෝ ඩීසල් ලීටර් 6600ක් අඩංගු පුද්ගලික ස මාගකට අයත් ඉන්ධන බවුසර් රථයක් එම රථයේ රියැදුරු රිය සහයක සහ තැරැව්කරුවන් දෙදනකුද සමග මීගොඩ පොලිස් ස්ථානය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 22,41,45, හා 47 වේ. මොවුන් හෝමාගම , වග, මහනුවර හා ඌරුබොක්ක ප්‍රදේශවල පදිංචිකුවන්වේ.

මෙම බවුසරයේ තිබෙන ඉන්ධන තොගය කටුනායක ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් නමින් මිලදි ගෙන තිබි ඇති අතර එමබවුසර් රථය ගමන් කළ යුතු මාර්ගය වෙනස් කරමින් අනවසරයෙන් මීගොඩ ප්‍රදේශයේ පිහිටි ආයතනයකට එය ලබාදීම සඳහා එකඟවි ඇත. මුල් අවස්ථාවේ ඩීසල් ලීටරයකට රුපියල් 830/-ක මුදලක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති අතර පසුව එම මුදලට ඉන්ධන ලබාදිය නොහැකි බවත් ලීටරයකට රුපියල් 900/-ක් අවශ්‍ය බවටත් පවසා තිබේ.

ඉන්ධන රැගත් ඩීසල් බවුසරය අදාල ආයතනයට පැමිණීමට පෙර මෙම ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදනකුද ඊට පෙර එම ස්ථානයට පැමිණ ඇත. බවුසර් රථය පැමිණීමත් සමග තොරතුර මත රැක සිටි පොලිස් නිලධාරීන් බවුසර් රථයේ රියැදුරු රිය සහයක සහ තැරැව්කරුවන් දෙදනාද අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇත. මේ පිළිබඳ සිදුකරන ලද විමර්ශනයේදී ඉන්වොයිසිය යොදන ආතනයෙන් බැහැරව වෙනත් ආයතනයකට මෙම ඉන්ධන ලබාදීමේ ජාවාරම තවත් ආයතන වල නිලධාරීන්ගේ සම්බන්ධතාවයන් ඇතිව සිදුකර ඇත්ද සත්‍ය ලෙසම එවැනි ආයතනයක් තිබේද යන්න අවධානය යොමුකර ඇත.

තවද මෙම ජාවාරම කොපමණ කාලයක් කර තිබේද යන්න සොයා බැලීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ. ඉන්ධන ලීටර් 6600ක් රුපියල් 900/-ක මුදලකට අලෙවි කළ හොත් රුපියල් 5,940,000/- මුදල් ලබාගත හැකි බව නිරීක්ෂණය වන අතර ඒ් තුලින් ඔවුනට අයතු ලාභයක් ඉපයීමේ හැකියාව තිබේ. මීගොඩ පොලිසිය මේ සම්බන්ධව විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments