26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තම්බි රාජාගේ පුත්‍රයා හා ඔහුගේ සගයකු...

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තම්බි රාජාගේ පුත්‍රයා හා ඔහුගේ සගයකු හෙරොයින් සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ පුතෙකු හා ඔහුගේ සඟයා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොටිඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් 2022.08.03 වන දින ග්‍රැන්ඩිපාස් පොලිස් වසමේ මහාවත්තට හැරෙන මාර්ගය අසල ප්‍රධාන මාර්ගයේ රේල්පාර අසල දී වැටලීමි හතරක් සිදු කර ඇත.
එහි දී ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන දැනට විදෙස්ගතව ඉන්දියාවේ රැදි සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන පුකුට්කණ්නා යන අයගේ සමීපතමයෙකු ප්‍රංශයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මන්න කුමාර යන අය විසින් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධ කල්ලි මෙහෙයවන තම්බි රාජා යන අයගේ පුත්‍රයෙකු වන සම්මුගම් ඇන්ඩෘ නොහොත් අගීල් නැමැති වයස අවුරුදු 23 ක පුද්ගලයා සහ ඔහුගේ සඟයකු වන බම්මන්න ආරච්චිලාගේ දෙනෙත් අවිනාෂ් යන වයස අවුරුදු 20 ක පසුවන අය හෙරොයින් ග්‍රෑම් 151, මිලි ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක් මගින් ප්‍රවාහණය කරමින් සිටිය දී පැය 1630 අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩිපාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments