21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්රුපියල් මිලියන 14 ක පමණ වීථි වටිනාකමින් යුත් තවත් කේරළ ගංජා තොගයක්...

රුපියල් මිලියන 14 ක පමණ වීථි වටිනාකමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ අද (2022 අ‍ගෝස්තු මස 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, තවත් කේරළ ගංජා කිලෝ 49 ග්‍රෑම් 380 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය විසින් මන්නාරම වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ජාවාරම්කරුවන් විසින් සූක්ෂම ලෙස පාර්සල් විස්සක් (20) ලෙස අසුරා එම ප්‍රදේශයේ වළ දමා තිබූ කේරළ ගංජා කිලෝ 49 ග්‍රෑම් 380 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.  

තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා ‍‍තොගයේ දළ විථී වටිනාකම රුපියල් මිලියන 14 ක් පමණ වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments