23.3 C
Sri Lanka
Monday, May 5, 2025

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබේ.

ඒ, කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වශයෙනි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුර ඇතිවීමෙන් පසු ඔක්තෝබර් 3 වැනිදා සිට මේ දක්වා මියගොස් ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 45ක් වේ.

1. කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේදීය. ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ දිර්ඝ කාලයක සිට පෙලුණු පිළිකා රෝගය, කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් උත්සන්නවීමය.

2. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ පිළිකා රෝගය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය බව සඳහන් වේ.

3. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරන අවස්ථාවේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනයවීම හේතුවෙන් සිදුවු හෘදයාබාධයකි.

4. කොළඹ 8 බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිද පිරිමි පුද්ගලයෙක් සිය නිවසේදීම මිය ගොස් තිබේ. මරණයට හේතුවී ඇත්තේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් නිධන්ගත පෙනහලු රෝගයක් උත්සන්නවීමය.

5. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරන අවස්ථාවේදී මියගොස් සිට ඇත. ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ කොවිඩ් -19 ආසාදනය සහ හෘදයාබාධයක් වැළදීම බව සඳහන් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments