ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ තිස්වන ගුණ සැමරුම් උත්සවය අද (08) සැමරේ.
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ තිස්වන ගුණ සැමරුම අද පස්වරුවේ ලිලි කොබ්බෑකඩුව මැතිණිය ඇතුළු පවුලේ ඥාතීන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, කලත්තැව සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදි පැවැත්වීමට කටයුතු යොදැ ඇති බව ශ්‍රි ලංකා යුධ හමුදාව දැනුම්දී සිටියි.