හතළිස් හතරවන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙළේ (MIFF) තරඟකාරි අංශය නියෝනය කිරීම සඳහා අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ඩි. ඇන්ඩ්.ඩි. ෆිල්ම්ස් වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කළ ‘මාරියා’ වෘතාන්ත සිනමාපටය සුදුසුකම් ලබා ඇත.
ශ්‍රී ලාංකේය සිනමාපටයක් මොස්කව් සිනමා උළලේ ප්‍රධාන තරඟකාරි අංශය සඳහා මෙසේ සුදුසුකම් ලබන්නේ වසර තිස්නයකට පසුවය. ලොව පැරැණිතම අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර මුල්ම සිනමා උළෙල දෙක නියෝජනය කරන රුසියාවේ මොස්කම් සිනමා උළෙල දැනට පැවැත්වෙන අන්තර් ජාතික සිනමා උළෙලවල් අතර ප්‍රධාන වශයෙන් කැපි පෙනෙන සිනමා උළෙලකී. මෙය මෙම මාසයේදී පැවැත්වීමට නියමිතයි.
මීට පෙර 1976 ධර්මසේන පතිරාජයන් නිර්මානය කළ ‘එයා දැන් ලොකු ළමයෙක්’, ආචාර්ය ලේස්ටර් ජේම්ස් පීර්ස් නිර්මාණය කළ ‘යුගාන්තය’ මෙම චිත්‍රපට උළෙලේ තරඟකාරි අංශය නියෝජනය කර තිබේ.
1978දී බඹරු ඇවිත්, 2013දී ‘ඔබ නැතුව මොස්කව් උළෙලේදි ශ්‍රීලංකාව නියෝජනය කර ඇත. එහෙත් 1983දී යුගාන්තය චිත්‍රපටය තරඟකාරි අංශය නියෝජනය කිරීමෙන් පසුව වසර තිස්නවයකට පසු ඒම අනගී අවස්ථාව උදාවි ඇත්තේ අරුණ ජයවර්ධනගේ ‘මාරියෝ’ සිනමාපටයටයි.
අරුණ ජයවර්ධනගේ කුළුඳුල් චිත්‍රපටයවු ‘නිකිණි වැස්ස’ටද දෙස් විදෙස් සම්මාන රැසක් හිමි කරගත්හ. මෙම චිත්‍රපටයේ සියලුම දර්ශන මුහුද මැද රූගත කර තිබෙන අතර කාන්තා චරිතවලින් තොරවීම, ඉන්දුනීසියාවේ ධිවරයින් කාණ්ඩායමක් මුහුණදුන් අත්දැකීමක ප්‍රතිනිර්මාණයක් වීම මෙහි විශේෂයකී. මෙහි රඟපෑම් මහෙන්ද්‍ර පෙරේරා. හේමාල් රණසිංහ, අශාන් ඩයස්, ධර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහා සුරන් දසනායක ගෙනි. කැමරකරණය චන්න දේශප්‍රිය, සංස්කරණය ඩිලන්ත පෙරේරා. සංගිතය චින්තක ජයගෝඩි,අසංක වික්‍රමසිරි වර්ණ සංයෝජනයෙන්ද, මැක්ලේන් ඇඩම් සහය කැමරාකරණයෙන්ද. සශික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණයෙක්ද සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන්ද ප්‍රියංක රත්නායක අංග රචනයෙන්ද, ගිහාන් පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙනේ මිට දායකවී තිබේ.



