ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ක්‍රියාකාරි මට්ටමේ පවතින ටග්යාත්‍රා 07ට අමතරව නව ටග් යාත්‍රා දෙකක් මිලදි ගැනීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන ලෙසට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරින් වෙත ඉකුත් දින උපදෛස් ලබාදී තිබේ.
ඇමැතිවරයා ටග් යාත්‍රා අංශයේ සිදුකරන ලැබු නිරීක්ෂණ අතර ආනවරණය කරගත් තොරතුරු ද වෘත්තීය සංගම් හා නිලධාරීන් ලබාදෙන ලැබු තොරතුරුද අනුව මෙම උපදෙස් ලබාදි ඇත.
ඒ් අනුව ටග් යාත්‍රා ප්‍රමාණය වැඩිකිරීම හේතුවෙන් දැනට මෙහෙයවන විශාල ප්‍රමාණයේ භාණ්ඩ නෞකා හා පෝෂක නෞකා මෙහෙයවීමෙදී සිදුවන ප්‍රමාදයන් අවමවී වැඩි කාර්යක්ෂමාතවයකින් යුතුව වරාය කටයුතු පවත්වාගෙන යෑමට හැකිවනු ඇතැයි තමන් විශාවස කරනු ලබන බව ඇමැතිවරයා වැඩිදුටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට වරාය හා නාවික ගුවන්සේවා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩි.එස්. රුවන්චන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන්අල්ශේවත්තගේ මහතා එක්වූහ.
