22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ජූලි මාසයේ ICC දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට.

ජූලි මාසයේ ICC දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට.

පසුගිය ජූලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය, ශ්‍රී ලංකාවේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිවී තිබේ. 
 
පසුගිය ඔස්ට්‍රේලියානු සහ පාකිස්ථාන තරග සංචාරයන්හිදී පෙන්වූ දක්ෂතා හේතුවෙන් ජයසූරියට මෙම සම්මානය හිමිවී ඇත.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 118 කට කඩුලු 6 ක් දවා ගත් ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 59 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත් විය. 

පාකිස්ථානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිම සඳහා ලකුණු 82 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේ දී  ලකුණු 135 කට කඩුලු 4 ක් දවා ගැනීමට ප්‍රභාත් සමත් විය. 

මෙම දක්ෂතාවත් සමග පිට පිට ඉනිම 3කදී කඩුලු 5කට වඩා දවා ගැනීම් 03ක් වාර්තා කර ගැනීමට ද ජයසූරිය සමත් විය.

ගාල්ලේදී පැවති පකිස්ථානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 80කට කඩුලු 03ක් දවා ගන්නා ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 117 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments