22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ආරාධිත 20-20 කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවට

ආරාධිත 20-20 කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා 20-20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2022 අගෝස්තු මස 15 දින සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර කොළඔ තර්ස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරඟයේදී, ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 08 ක තියුණූ ජයක් වර්තා කරමින් ශූරතාවය දිනාගැනීමට සමත් විය.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 121 ක් ලබා ගැනීමට සමත් වු අතර, එහිදී නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් උමේශා තිමේෂනී ක්‍රීඩිකාව ලකුණු 30 ක් රැස් කිරීමට සමත්විය. අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදි කඩුලු 07ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ  ලකුණු 113 ක් පමණී. එහිදි නාවික හමුදා කණ්ඩායමේ මදුරි සමුද්ධිකා සහ සත්‍යා සන්දීපනී යන ක්‍රීඩිකාවන් පිලිවෙලින් ලකුණු 21ට සහ 23 ට කඩුලු 02 බැගින් ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

ඒ අනුව, අවසන් මහා තරඟයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මදුරි සමුද්ධිකා ක්‍රීඩිකාව විසින් දිනාගන්නා ලද අතර, තාරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සත්‍යා සංදිපනි ක්‍රීඩිකාව විසින් දිනා ගන්නා ලදි. තවද තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හංසිමා කරුණාරත්න විසින් කුසලානය දිනා ගන්නා ලදි.      

මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ කාන්තා පන්දු වාර 50 පළමු පෙළ එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවයද 2022 අප්‍රේල් මස 19 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments