25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවේ.

හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය කරන්නේ නැත. එබඳු සියලු වියදම් හිටපු ජනාධිපතිගේ පෞද්ගලික මුදලින් දරනු ලැබේ.

සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය. හිටපු සහ වත්මන් ජනාධිපති වරුනට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණ. මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බලන බවද අමාත්‍යවරයා පැවසීය.

ගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව දැනුම් දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments