දැනට ක්‍රියාත්මක හදිසි නීතීය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පල කරයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ, “2022 විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සම්මේලනය” අමතමිනි.
ඩයස්පෝරාවේ සහය ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, අද වන විට රට ගොඩනැගීම වෙනුවෙන් පියවර රැසක් ගනිමින් තිබෙන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහාය අවශය බවයි.
