26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසැක සහිත පෙති සමග ජේලර්වරියක් හා නීති විරෝධි ඉන්ධන ප්‍රවාහනය කළ අයෙක්...

සැක සහිත පෙති සමග ජේලර්වරියක් හා නීති විරෝධි ඉන්ධන ප්‍රවාහනය කළ අයෙක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිණියන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර කඳවුරේ කාන්තා පොලිස් සැරයන් 1929 ඇතුලත්මුදලි සමගින් කාන්තා නිලධාරිණියන් කණ්ඩායමක් විසින් බන්ධනාගාර කාන්තා නිලධාරිණියන් හා කාන්තා සිරකාරියන් පරික්ෂා කිරීමේ රාජකාරී සිදු කරන ස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර කාන්තා ජේලර්වරියක් විසින් බන්ධනාගාරය තුලට සැක සහිත බෙහෙත් පෙති හැඩති පෙති කිහිපයක් සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනීමට සූදානම වන අවස්ථාවේ දී ක්ෂණිකව එම පෙති උදුරාගෙන ඇයගේ මුව තුල සගවා ගැනීමට උත්සහ දැරීමේ දී කාන්තා පොලිස් සැරයන් 1929 ඇතුලත්මුදලි ඇතුළු නිලධාරිණියන් විසින් ඉමහත් පරිශ්‍රමයක් දරා එම පෙති සමග කාන්තා ජේලර්වරිය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙවන පෙල කාන්තා ජේලර් එම්.ඒ.එන්. සදමාලි නිලධාරිණිය වෙත භාර දී ඇති අතර එම පෙති ඖෂධීය පෙතිද, මත් පෙතිද යන්න පරික්ෂා කිරීම සදහා බන්ධනාගාර රෝහල් වෛද්‍ය වරුන් වෙත ඉදිරිපත් කර ඇත.

අනවසරයෙන් ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහනය සදහා සුදානම් කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය මහනුවර අස්ගිරිය උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එච්.එම්.ජී. ජගත් බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) හඟුරන්කෙත පොලිස් වසමේ කුරුකොස් වත්ත තානායම අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නිසි බලධාරිකුගේ නිසි අවසරයකින් තොරව ඩීසල් ලීටර් 400 ක් හා පෙට්‍රල් ලීටර් 30 ක් කැබ් රථයක් මගින් ප්‍රවාහනය සදහා සුදානම් කරමින් සිටි හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හගුරන්කෙත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments