23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කෝටි 20ක රන් බිස්කට් සමග සේවිකාවක් සහ මගියෙක් රේගු දැලේ.

කෝටි 20ක රන් බිස්කට් සමග සේවිකාවක් සහ මගියෙක් රේගු දැලේ.

රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා රන්  බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු පිරිසක් අද උදෑසන අත් අඩංගුවට ගත්හ.

රන් කිලෝ 09 යි ග්රැම් 500 ක් එහි තිබී ඇත.

ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ගුවන් මගියෙකි .  ඩුබායි සිට එමිරේට්ස් ගුවන්  යානයකින් සැකකරු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

සැකකරු  ගමන් මලු තුළත් , මෙම ගුවන් තොටුපළ සේවිකාව තම අත් බෑගයේත් ග්රැම් 116.6 ක බරකින් යුතු රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments