ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කළ බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පවසයි.
මෙම මිල අඩුවීමට අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050.00 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5800.00 කි.
කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ 2320.00 ක් ලෙසට ද කිලෝ ග්‍රෑම් 2 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස සටහන් වන්නේ 928ක් ලෙසටය.