28.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්අධ්‍යාපන පුවත්Nature’s Beauty Creations Limited - VTA වසර 17ක බැදීම අලුත් කරයි. 

Nature’s Beauty Creations Limited – VTA වසර 17ක බැදීම අලුත් කරයි. 

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා  වසර 17ක් මුළුල්ලේ සහයෝගීතාවයෙන් කටයුතු කරනු ලැබු රූපලාන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත නමක් දිනා සිටින නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය හා එක්ව 2022/2023 වසර සඳහා අවබෝධතා ගිවිසුම අලුත් කිරීම (19 ) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 

රූපලාවන්‍ය පාඨමාලා හදාරනු ලබන ආධුනික ආධුනිකාවන්ගේ හා රූපලාවන්‍ය පාඨමාලා හදාරා ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ මෙන්ම උපදේශක උපදේශිකාවන්ගේ නිපුණතාවය වැඩි දියුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබයි. ඊට අමතරව රූපලාවන්‍ය පාඨමාලා සඳහා  පුහුණු ද්‍රව්‍ය ලබා දීම හා රූපලාවන්‍ය පාඨමාලා 60 ක් වෙනුවෙන් නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් නිෂ්පාදන ලබා දීම ද වසර 17ක් පුරා අඛන්ඩව සිදු කරනු ලබයි. 

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් සභාපති/ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා උපසභාපති මහේෂ් ආරියරත්න මහතා අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සමීර ෆොන්සේකා මහතා හා ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය සහ කණ්ඩායම් කලමණාකාරිනී කෞෂල්‍යා ද සිල්වා මිය හා ප්‍රචාරණ නිලධාරිනී නදීශා ප්‍රියන්ති මෙනවිය සහභාගී විය.ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අංශය විසින් මෙය මෙහෙයවනු ලබන අතර, මෙම කාර්යය සම්බන්ධීකරණය හා කාර්යයන් සිදු කරනු ලබන්නේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා සුභද්‍රා මානෙල් මෙනවිය යි. 

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පෞද්ගලික අංශය හා සම්බන්ධ වී රාජ්‍ය පෞද්ගලික සහයෝගීතා වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ශීල්පීය ප්‍රවර්ධන වැඩසටහන් හරහා අප හා එක්ව සිටින පුහුණුලාභී දරු දැරියන්ගේ වෘත්තීය දැනුම සීමා රහිතව ක්ෂේත්‍රයේ අත්දැකීම් හා එක්ව ගැටෙන්නට සලස්වමින් ඔවුන්ට විෂය නිර්දේශයන්ට එහා ගිය දැනුමක් ලබා දීම සදහා අප  නිරතුරුවම උත්සහ කරන්නෙමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments