Home දේශීය පුවත් අධ්‍යාපන පුවත් Amazon උසස් අධ්‍යාපන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අභිමානවත් අයුරින්….

Amazon උසස් අධ්‍යාපන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අභිමානවත් අයුරින්….

0
4

වසර 17 ක පමණ කාලයක් ක්‍රියාත්මක වන Amazon College & Campus , ඉකුත් (23) කොළඹ BMICH – Lotus ශාලාවේදී වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ඩිප්ලෝමා, HND, උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ සිසුන් 200 කට ආසන්න ප්‍රමාණයක් තම උපාධිය ලබා ගත්හ. මනෝවිද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි, ගුරු පුහුණු වැනි ක්ෂේත්‍ර සඳහා සහතික ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ හිටපු සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සහභාගි වූ අතර Khairul Iskandar Md. Yusof මහතා (උපදේශක, මැලේසියාවේ මහ කොමසාරිස්) සහ Ali Shareef මහතා (උපදේශක, මාලදිවයිනේ මහ කොමසාරිස්) යන මහත්වරු ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස ඊට එක් වූහ.

විශේෂ ආරාධිත අමුත්තන් ලෙස, ආචාර්ය කුමාර හිරිඹුරේගම (කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති), මහාචාර්ය වසන්ත අතුකෝරල (ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය), මහාචාර්ය එස්.ජේ. යෝගරාජා (වාග් විද්‍යා දෙපාර්තමේන්තුව,කැලණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය රිෂ්කාන් බෂීර් (සහාය මහාචාර්ය, පීඨාධිපති – පරිගණක හා තොරතුරු විද්‍යා පාසල), ආචාර්ය යූ.එල්.එම්. අෂ්කර් (සහාය මහාචාර්යපශ්චාත් ආචාර්ය පර්යේෂක, මලයා විශ්වවිද්‍යාලය, මැලේසියාව), රාජගෝපාල් උදයකුමාර් මහතා (කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, තිරුක්කෝවිල්), S. සේතුරත්නම් මහතා (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, ඉසුරුපාය), Rushdhie Habeeb මහතා (Habeeb Associates හි වාණිජ මණ්ඩල ප්‍රධානී සහ නීතිඥ), ආචාර්ය අජේ ප්‍රසාද් (Aienza Holdings (Pvt) Ltd හි සම නිර්මාතෘ,
Global Medical Services (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී), M.H.K.M. හමීස් (සභාපති – ශ්‍රී ලංකා කැනඩා ව්‍යාපාරික කවුන්සිලය – මැලේසියා විශ්ව විද්‍යාලය), අජ්රා අසාර් මහත්මිය (අධ්‍යක්ෂ – Colombo Associates (pvt) ltd) සහභාගී වූහ.

Amazon උසස් අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ලියාපදිංචි වූ ආයතනයකි. වසර 17ක පමණ කාලයක් තිස්සේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දහස් ගණනක සිසුන්ට අධ්‍යාපනය මෙන්ම විවිධ සේවාවන් ද සපයා තවත් ඉදිරියට වර්දනය වෙමින් පවති. මේ වන විට සම්මාන 8 කින් පිදුම් ලැබී ඇති අතර දේශීය සහ විදේශීය විවිධ ආයතනවලින්ද පිළිගැනීමකට ලක් වී ඇති Amazon College හා Campus බම්බලපිටියේ ගාලු පාරේ මහල් හතරක ගොඩනැගිල්ලක අති නවීන පහසුකම් සහිතව ක්‍රියාත්මක වන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ඉල්හාම් මරිකාර් මහතා පැවසා ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here