කොළඹ නෙලුම්පොකුණ රගහලේ ඉකුත් (11) පැවති ” ජනාධිපති මාධ්‍ය සම්මාන” ප්‍රධානෝත්සවයේ දී වසරේ ප්‍රශස්තතම මාධ්‍ය ඒකකයට හිමි ජනාධිපති මාධ්‍ය සම්මානය හිමිකරගත් මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය දිනා ගත්තේය.
ඒ අනුව එම ඒකකයේ ශිෂ්‍යාවෝ (24) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී හමුවූහ.
පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන සදහා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සම්බන්ධ වන්නේ 2019 වර්ෂයේ දී එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කල නාලක කළුවැව මැතිතුමාගේ සමයේ දී ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ බී අබේකෝන් මැතිතුමා හා එක්ව මෙම පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන වැඩසටහනට පාසල් මාධ්‍ය සමාජ ගුරුභවතුන් හා සිසු සිසුවියන් සම්බන්ධ කර ගනිමින් එය ජාතික මට්ටමේ වැඩසටහනක් බවට පත් කිරීම සම්බන්ධයෙන් අප අධ්‍යාපන ලේකම් තුමාට ස්තූතිය පුද කරන ලදී. විශේෂයෙන් මාධ්‍ය සමාජ භාර ගුරුභවතුන් වෙත හැදුනුම්පතක් නිකුත් කිරිම සදහා අනුමැතිය ලබා දීම එවක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස එතුමාගෙන් සිදු වූ සුවිශේෂී කාර්යයකි. පාසල් මාධ්‍ය සමාජ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොවු සමයක මාධ්‍ය සමාජ සදහා ලියාපදිංචි අංකයක් ලබා දෙමින්, මාධ්‍ය සමාජභාර ගුරුභවතුන් වෙත නිළහැදුනුම්පතක් ලබා දෙමින් මාධ්‍ය සමාජ සදහා ලබා දුන් ජාතික මට්ටමේ පිළිගැනීම සම්බන්ධව ලංකාවේ සියලුම මාධ්‍ය ඒකක භාර ගුරුභවතුන් වෙනුවෙන් මිලාගිරිය ශාන්ත පාවුළු මාධ්‍ය ඒකකය භාර ගුරුතුමිය වූ කුමාරි හෙන්නායක මහත්මීය අධ්‍යාපන ලේකම්තුමා වෙත විශේෂ ස්තූතියක් පිරිනමන ලදී. මෙම මාධ්‍ය සමාජ ප්‍රවර්ධන වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉදිරියට පවත්වාගෙන යන ආචාර්ය හර්ෂ බී අබේකෝන් මැතිතුමා ද මෙම අවස්ථාවේදී ඉතාමත් ස්තූති පූර්වකව අගයන ලදී.
මෙහි දී මාධ්‍ය ඒකක ක්‍රියාකාරකම් සහ මාධ්‍ය ඒකකයක සතුවිය යුතු ගුණාංගයන් පිලිබදව ද අධ්‍යාපන ලේකම්තුමා ශිෂ්‍යාවන් සමග සුහද පිළිසදරක නිරත වන ලදී. මෙහි දී ජාතික මාධ්‍ය ක්‍රියාකාරීත්වය හා වෙනස් වන මාධ්‍ය තාක්ෂණය පිලිබදව ද එතුමා සිසුන්ට කරුණු පැහැදිලි කරන ලදී. සමාජ මාධ්‍ය භාවිතය හා එහි ක්‍රියාකාරීත්වයත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඇතැම් අන්තර්ගතයන් වල පවතින ව්‍යාජත්වයත්, අශ්ශිලත්වයත් පිළිබඳ ව එතුමා අදහස් ඉදිරිපත් කරන ලදී.වර්තමානයේ වේගයෙන් ව්‍යාප්ත වන AI තාක්ෂණය තුළ පවතින ධනාත්මක හා සෘණාත්මක පැතිකඩ පිළිබඳ ව ද එතුමා සිසුන් සමග සාකච්ඡා කරන ලදී
පාසල තුළ පවතින ප්‍රධානම ඒකකයක් ලෙස පාසල් මාධ්‍ය සමාජ පාසල් ප්‍රජාවගේ මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම සම්බන්ධව කටයුතු කළයුතු බව එතුමා උපදෙස් දෙන ලදී. අනාගත මාධ්‍ය ලෝකයට අංකුර මාධ්‍ය වේදීන් බිහිකරන තෝතැන්න වන පාසල වඩාත් ගුණාත්මක තත්වයේ මාධ්‍ය සංස්කෘතිකයක් බිහිකිරිම සදහා ඇපකැපව කටයුතු කළ යුතු බව සදහන් කරන ලදී. ගුණාත්මක පාසල් මාධ්‍ය ඒකක බිහිකිරීම සම්බන්ධව ඉදිරියේ දී එතුමා හැකිසෑම අවස්ථාවකම කටයුතු කරන බව සදහන් කරන ලදී. අවසානයේ දී ජනාධිපති මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලැබු මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාව වෙත එතුමාගේ සුභාශිංෂණ පිරිනමන ලදී. මෙහිදී අවසාන වශයෙන් අප මාධ්‍ය ඒකකය සදහන් කළේ, ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක පාසල් මාධ්‍ය ඒකක ඇගයීම මෙම වසරේ දී ආරම්භ වූ අතර එම සම්මානය කරා පාසල් මාධ්‍ය සමාජ යොමු කරේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන බවත් ඒ සදහා ඇපකැප වු එවක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වූ, වර්තමාන අධ්‍යාපන ලේකම්වරයා වන නාලක කළුවැව මැතිතුමාටත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ බී අබේකෝන් මැතිතුමා ප්‍රමුඛ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් 2025 ජනාධිපති මාධ්‍ය සම්මානනීය පාසල වන මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවේ ස්තුතිය පිරිනමන බවයි.
මෙම අවස්ථාව සදහා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවේ විදුහල්පතිනි නයෝමි දසනායක මැතිණියත්, මාධ්‍ය ඒකකය භාර ආචාර්යතුමිය වන කුමාරි හෙන්නායක ගුරුතුමියත් මාධ්‍ය ඒකකයේ දියණියනුත් සහභාගී වූහ.


