25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedමාලපල්ල" මහල් නිවාස ව්‍යාපෘතිය ඇමැති බන්දුලගේ නිරීක්ෂණයට.

මාලපල්ල” මහල් නිවාස ව්‍යාපෘතිය ඇමැති බන්දුලගේ නිරීක්ෂණයට.

කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් ඉදිවන “මාලපල්ල” මහල් නිවාස ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

කැළනිවැළි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මරදාන සිට පාදුක්ක දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පිරිස් එම ස්ථානවලින් ඉවත් කර ඔවුන් හට වෙනත් සුදුසු ස්ථානවල නිවාස ලබාදීමේ වැඩ සටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් නව නිවාස 120ක් කොට්ටාව – මාලපල්ල ප්‍රදේශයේ දැනට ඉදිවෙමින් පවතී. තෝරාගත් නිවාස අහිමි පවුල් වෙනුවෙන් නිදන කාමර දෙකක්, විසිත්ත කාමාරයක්, මුලුතැන්ගෙයක්, නාන කාමර ඇතුළු සියළු පහසුකම් සහිත නිවසක් මෙම නිවාස සංකීර්ණය තුලින් හිමිවේ. මෙහි ඉදිකිරීම් 2023 වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ඉදිකිරීම් නිරීක්ෂණයට එක් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments