හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ හා සහකාර පොලිස් අධිකාරී වෑවිටවිදාන මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.සී.එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) සායින්දමරුදු පොලිස් වසමේ සායින්දමරුදු වෙරළ මාර්ගයේ, Sea Breeze හෝටලය අසල දී වැටලීමක් සිදුකර හෙරොයින් මිලි ග්‍රෑම් 4,280 හා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 6,080 සන්තකයේ තබාගෙන කාර් රථයක් මඟින් ප්‍රවාහනය කරමින් සිටි කල්මුණකුඩි 03 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්මුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.