30 C
Sri Lanka
Friday, August 15, 2025
Homeදේශීය පුවත්පාර්ලිමේන්තු සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් පොකුණට පෙරලෙයි

පාර්ලිමේන්තු සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් පොකුණට පෙරලෙයි

පාර්ලිමේන්තු සේවකයින් රැගෙන යාමට පැමිණි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක්  පොකුණට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින් රැගෙන යාමට බස් රථය අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුලට ඒමට අවසර ලබාදී තිබු බවත් සේවකයින් නංවා ගෙන ආපසු යන අවස්ථාවේදී මෙම සිදුවීම වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුල පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරින් 30-35ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවත් ඔවුන්ගෙන් ඇතැම් අයට සුළු සීරීම් සහ තැලීම් සිදුව ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments