23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අන්ත වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික සටන් පාඨවලට යට නොවී ඒ මැදින් පාර්ලිමේන්තුවේ...

අන්ත වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික සටන් පාඨවලට යට නොවී ඒ මැදින් පාර්ලිමේන්තුවේ ස්වාධීන බලවේග එක් කොට අලුත් මාවතක් නිර්මාණය කළ යුතුයි-මන්ත්‍රී පාඨලී චම්පික රණවක

අන්ත වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික සටන් පාඨවලට යට නොවී ඒ මැදින් පාර්ලිමේන්තුවේ ස්වාධීන බලවේග එක් කොට අලුත් මාවතක් නිර්මාණය කරගැනීම මේ මොහොතේ අවශ්‍යතාව බවට පත්ව තිබෙන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ‘නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිතයෙක් වශයෙන් රැස්ව සිටි සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“අප්‍රේල් 12 වෙනිදා සිට මේ රට බංකොලොත්, සමහරු කියනවා මේ බංකොලොත් බව ප්‍රකාශ කරපු එක තමයි ප්‍රශ්නය කියලා. එහෙම නොවුනා නම්, රට ගලවාගෙන ඉදිරියට යන්න ඉඩ තිබුණාය කියලා ඔය බැසිල් ඇතැම් අය කියවනවා. ඇත්ත කතාව මොකක්ද? ඇත්ත කතාව තමයි ඇත්ත නොකියපු එක. ඇත්ත නොකියවා අපට ඇති තරම් ඩොලර් තියෙනවා. අපට ඇති තරම් රුපියල් තියෙනවා. පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරනවා. අධිවේගී පාරවල් තව කි.මි. 350 ක් හදනවා. එක ගමකට එක වැඩක් හැටියට ගම් 14,000 ක වැඩ කරනවා. එක ප්‍රාදේශීය කොට්ඨාසෙකට ගෙවල් සීය බැගින් තට්ටු නිවාස හදනවා වගේ අපි ඇහුවේ ඒ වගේ කතා ගොඩාක්.”

නමුත් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බිමට සමතලා වී අවසානය. ලක්ෂ 6 කට රැකියා අහිමි වී අවසානය. කොළඹ නගරයේ තමන් විසින් ආරම්භ කළ නිවාස ව්‍යාපෘති වැනි දැවැන්ත වැඩසටහන් සියල්ල ද නතර වී අවසාන බව හෙතෙම අවධාරණය කළේය.

“එදා අපි හැදුවා මාලඹේ, කඩුවෙල ඉඳන් මේ පාර දිගේ කොළඹට යන්න ඒ සැහැල්ලු දුම්රිය පද්ධතිය. මේ අල්ලපු ඉඩමේ රටේ විශාලතම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හදන්න. දුම්රිය ප්‍රවාහන සේවා කඩවත, රාගම හරහා එන්න, පිළියන්දල ඉඳන් එන්න ජපන් ආධාර අතර යටතේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දශම එකේ පොලියට අපි ඒ වැඩපිළිවෙලවල් දියත් කළා. ඒ සියල්ල අද බිමට සමතල වෙලා ගිහිල්ලා, අද මිනිස්සුන්ට එදිනෙදා ජීවත් වෙන්නවත් බැරි තත්වයක් උදාවෙලා තියෙනවා”

මුදල් ඇමැති ලෙස එදා අලි සබ්‍රි කීවේ කුමක්ද? භාණ්ඩාගාරයේ තිබෙන මුදලට වඩා තමන් සතුව මුදල් තිබෙන බව දැනගත්තේ තමන් භාණ්ඩාගාරයට ගියවිට බවය.

“බංකොලොත් නොකියා වෙන මොනවා කියන්නද මහ බැංකු අධිපති? ඒ නිසා බංකොලොත්භාවයේ පියවරු තමයි රාජපක්ෂවරු. මේක මම 2013 කිව්වම මාව ඇමතිකමෙන් අයින් කරා. අපි නමුත් විශාල සටනක් චන්ද්‍රිකා මැතිනිය අපි එකතුවෙලා එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව බලයට ගේන්න මේ රටේ ජනතාවගෙන් වරමක් ඉල්ලුවා. ඒ ජනතාව ඒ වරම දුන්නා. රට අපි බලාපොරොත්තු වූ මාවතේ නොගියත් එකක් කියන්න ඕනේ රට බංකොලොත් වෙන්න නම් ඉඩ දුන්නේ නෑ.

අද කතා කරනවා යහපාලන කාලේ ගත්ත ඩොලර් බිලියන 12 ක් ගැන. ඒ ඩොලර් බිලියන 12 න් හතහමාරක්ම ඉතුරු කරලා ආවේ. ඒ හතහමාරෙන් පහමාරක්ම වැය කළේ කබ්රාල් රුපියල 203 තියාගන්න ඩොලර් එක. මේ අය අධිකරණය ඉදිරියට ගෙන එන්න ඕනේ.

මේ අරගල කළාය කියලා තැනින් තැන පෙළපාලිවල ගියාය කියලා ජනාධිපති මන්දිරයට ගියා කියලා මිනිස්සු නෙවෙයි අත්අඩංගුවට ගන්න ඕනේ. මේ රට බංකොලොත් කරලා පනස් පන් ලක්ෂයක් මේ රටේ පවුල් මහපාරට ඇදලා දාපු දේශපාලකයොයි, නිලධාරී, අමාත්‍යාංශ නිලධාරීයි, අත්අඩංගුවට ගන්න ඕනේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments