29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsහෙරොයින් සමග කාන්තාවක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

හෙරොයින් සමග කාන්තාවක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

රුපියල් තුන් ලක්ෂ පනස් දහසකට අධික වටිනාකමින් යුත් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.09.06 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 38/27/ඩි/1, ජි.ජි.පෙරේරා මාවත, කොලොන්නාව ලිපිනයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 35 මිලි ග්‍රෑම් 350 ක්, සහ ජාවාරමිකර උපයනලද මුදල් රුපියල් 1,026,700.00 ක්, ජංගම දුරකථනයක් සහ ඩිජිටල් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 40 ක කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments