අනවසරයෙන් මෙරටට ගෙන්වන ලැබු වියළි කහ තොගයක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සිදුකර ඇත. කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.ජී.සි.පි. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) ජයපුරම් පොලිස් වසමේ වලේකාඩු, වේරවිල් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තීරුබදු නොගෙවා අනවසරයෙන් මෙරටට ගෙන්වන ලද වියලි කහ කිලෝ ග්‍රෑමි 1,352 ක් සමග වෙරවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හරක් කටාගේ තවත් ගෝලයෙක් හෙරොයින් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයෙ හි නිලධාරීන්ට කොග්ගල ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ උප පොලිස් පරීක්ෂක පී.එම්. කාරියප්පෙරුම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) මිදිගම පොලිස් වසමේ ගල්බොරලුහේන, කලපුව, මිදිගම, අහංගම ලිපිනයේ දී හෙරොයින් ග්‍රෑමි 10 ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 26 ක, මිදිගම, අහංගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු සම්බන්ධයෙන් වැඩි දුරටත් විමර්ශනය කිරිමේ දී සැකකරු නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු වන ලසන්ත වික්‍රමසේකර යන අයගේ සමීපතමයෙකු වන අතර, මොහුට විරුද්ධව මේ වන විට කෝලහාල නඩු කිහිපයක් ද විභාගය වෙමින් පවතී. මෙම පුද්ගලයා හරක් කටා යන අයගේ අනුදැනුම මත ඉකුත් ජනවාරි (20) වෙඩි තබා ඝාතනය කරන ලද ජයසේතර විතානගේ ලූෂන් කුමාර නොහොත් කේජී නිශ්ශංක යන අයට වෙඩි තැබීම සිදුකරන ලද මිරිස්ස මාලගේ දිනේෂ් මදුෂංක නොහොත් ජනාවාසේ බූලා යන අයගේ බිරිඳගේ ඥාති සහෝදරයෙකු වන අතර, මෙම පුද්ගලයා ජනාවාසේ බූලා යන අයගේ බිරිඳ හට අයුතු ලිංගික අතවර කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ද මොහුට විරුද්ධව නඩුවක් පවතී.
නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.09.07 වන දින ජාඇල පොලිස් වසමේ අංක 107/1/ඒ, ශාන්ත මැතිව් මාවත, ජාඇල, ඒකල ලිපිනයේ පිහිටි නිවස පිටුපස දී වැටලීමක් නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 33,750 ක්, ගෝඩා ලීටර් 1,800 ක් හා යකඩ බැරල් 10 ක් ප්ලාස්ටික් බුලි 15 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 32 ක ගලහ ගෘප්, ගලහා, නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.