කළමනාකරණ මූලධර්ම සහ සැපයුම්දාම කළමනාකරණය ග්‍රන්ථය පිළිබඳ TOP NEWS ASIA සමග ජයන්ත විජේසිංහ මහතා සිදුකළ සුහද කතා බහකීමේ.
සැපයුම් දාමය යනු කුමක් ද?
ඉපදීම මිය යෑම සහ නැවත ඉපදීම නතර වන්නේ නිර්වාණයම සාක්ශ්‍යාත් කර ගැනීමෙන් ම පමණක් බව අපේ බොදු බැතිමතුන් ගේ ඇදැහිල්ල සහ විශ්වාස යයි. නිර්වාණය ළඟාකරගන්නා තුරු අපි මැරි මැරී උපදී.
මේ වනාහී මිනිසා බොදු ඉගැන්වීම් වලට අනුව දකින අපේ ජීවන චක්රයයි.
චක්‍රයක් යනු කිසියම් සංසිද්ධි මාලාවක් නිශ්චිත රටාවක් අනුව නොකඩවා සිදුවන ක්‍රියා දාමයකි.
සැපයුම් දාමයද එසේය .මිනිස් අවශ්‍යතා මතුවූ මොහොත සැපයුම් දාමයේ තිඹිරි ගෙයයි.
ඉන්පසු එම අවශ්‍ය තාව සපුරා ගෙන මිනිසා තෘප්තියට ලගා වන තෙක් නොකඩවා සිදුවන නිශ්චිත සිද්ධිදාමය සැපයුම් දාම යකි.
අපේ අවශ්‍යතා පුද්ගලයාට අනුව සාපේක්ෂයි .එහෙත් උවමනාවන් නම් අසීමිත ය. මේ නිසාම අපේ ජීවිතය හා සැපයුම් දාම අතර ඇත්තේ අවියෝජනීය සම්භන්දතාවයකි.
උපතේදී පෙකැනි වැල කැපීම ට කතුර වින්නඹු අම්මාගේ සුරතට ලැබීමේ සිට අවසන් ගමන් යෑමට මිනිපෙට්ටිය අපේ දරුවන් ගේ ඇණැවුම ට සූදානම් කොට මහ පොළොවට කුණුකය පෙරලා බාර දෙන අවස්ථාව දක්වා සැපයුම් දාමය ක්‍රියාත්මකය.
ශු .බයිබලයේ කියන්නේ දූවිළ්ලෙන් සෑදු නුඹ නැවත දූවිල්ට හැරෙන්නේය කියාය .
තවදුරටත් සැපයුම් දාමය සහ එම ක්‍රියාවලිය සරලව පහදා දෙන්නේ නම්, මේ නිදසුන Input බලමු.
සම්මුඛ පරීක්ෂණ යක් සදහා යෑමට ඔබට කපු කමිස ක් මිළදී ගැනීමට අවශ්‍යතාවක් ඇතිවේ . එවිට ඔබේ ප්‍රියතම සන්නාමය සහිත කමිසය ක් මිළදී ගැනීමට නගරයේ සුපිරි වෙළද සැලටයයි. ඔබේ අවශ්‍යතාව ඉටුවේ . ඔබ තෘප්තියට පත්වේ.
එලෙස ඔබ තෘප්තිමත් වීමට අති දැවැන්ත කාර්‍ය්භාරයක් තිරය පිටුපස සිදුවන බව ඔබ දන්නේ නැත .
සුවිශාල ගොවි බිම් වල කපු වගා කෙරේ. සරු අස්වැන්න ක් නෙලා ගැනීමට කාරනා පහක් සම්පූර්ණ විය යුතුය .
- මිනිස් ශ්‍රමය
( Men)
2.මුදල්
(Money )
3.ද්‍රව්‍ය (Materials )
4.යන්ත්‍රෝපකරණ
(Machines )
5 කාලය
(Minutes )
කළමනාකරණ භාවිතා වේදී අප කියන විදිහට මේවා හිග සම්පත් වේ.
උදාහරණයක් වශයෙන් අපේ රටේ වැඩ කරන ජනතාව ගේ ශ්‍රමයෙන් 60%කට වඩා නිශ්පාදන පලදායී තාවය සදහා නොලැබේ. ඊට හේතුව ඔහුන් බොහෝ දෙනෙකුට , කාර්යෂම හා සඵලතායි සේවයක් සදහා අනිවාර්යයෙන් ම අවශ්‍ය දැණුම , ණිපුණ තාවය සහ යහපත් ආකල්ප යන මූලික කාරණා එකක් හෝ කීපයක්ම නොමැති වීමය.
අපේ රට බංකොලොත් වීමට මෙයද එක් ප්‍රධාන සාධකයකි . තිත්ත වුනත් ඒද ඇත්තකි.
ඒ අනුව අපිට කෝට් 21ක ජනතාව හිටියාට ඉහත කී ගුණාංග යන්ගෙන් සපිරි මානවසම්පත් අතීශයින්ම හිගය.
එසේම මුදල් ,ද්‍රව්‍ය , යන්ත්‍ර හා කාලය ගැනද කීමට ඇත්තේ ඒ ටිකමය.
ඒ නිසා මෙකී හිග සම්පත් යෙදවුම් සේ භාවිතා කොට ඔනෑම නිශ්පාදනය ක් හෝ සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට මේ හිග සම්පත් කළමනාකරණය කිරීම අනිවාර්යය වේ.
මේ අයුරින් කළමනාකරණය කිරීමට භාජනය වූ කපු වගාබිමේ නෙලාගත් සරුසාර අස්වැන්න කපු නූල් නිපදවන කර්මාන්ත ශාලා කරා ප්‍රවාහනය කෙරේ. ඉන්පසු ඉල්ලූ සැනින් නිශ්පාදනය ට නිකුත් කෙරෙන තෙක් මේවා ආරක්ෂිත වත් සුරක්ෂිතතවත් ගබඩා කෙරේ.
නිෂ්පාදනාගාරයෙන් ලැබෙන කපු නූල් , කපු පිළි නිපදවන කම්හල් කරා යලි ප්‍රවාහනය කෙරේ.
.එහිදී ද නිෂ්පාදනය සදහා ඉල්ලා සිටින තුරු ගබඩා කෙරේ.
එතෙක් ආරක්ෂිත වත්, සුරක්ෂිතව ත් ගබඩාව තුල තබාගනී.
මේ අයුරින් නිශ්පාදනය කරනු ලබන කපු පිළි නිමි ඇදුම් නිශ්පාදනය සදහා වූ කම්හල් වලට යවනු ලැබේ.
අවසානයේ දී ලැබෙන කපු කමිස කලිසම් තොග වෙළෙදුන්ගේ ගබඩා කරාත් එතැනින් සිල්ලර වෙළදුන්ටත් ඉන් ඉක්බිවැ අවසන් පාරිභෝගික යාවූ ඔබටත් ලැබේ.
ඔබද කාලයක් එම කමිසය පාවිච්චීකොට පසුව කසල ගොඩේ පස්වී යෑමට ඉඩ හරී.
එවිට යලි පස පෝෂණය වී කපු පැලයකට ජීවය ලබාදීමට වඩාත් සුදුසු බිම් කඩක් බවට පත්වී සැපයුම් දාම ය සම්පූර්ණ කරයි.
මේ ක්‍රියාදාමයේදී, මතු සදහන් පියවර කීපයක් අනිවාර්යයෙන් ම සිද්ධවීම සැපයුම් දාම කළමනාකරණයේ දී අනිවාර්යය වේ.
- මිළදීගැනීම( Purchasing )
2.ගබඩා මෙහෙයුම් (Stores Operation )
නිදසුන් .
a. ලැබීම්
b.තොගගත කිරීම්
c.නිකුත් කිරීම් .
d. පාවිච්චි කොට යලි , නිමි භාණ්ඩ / අභාවිත/ අබලි වශයෙන් ගබඩා වට බාරදීම.
e. අපහරණය කිරීම
4.ප්‍රවාහනය සහ බබෙදාහැරීම (Transport & Distribution )
5.කාර්යෝපා ක්‍රමෝපාය(Logistics )
ඉහත පෙන්නා දුන් පියවරයන් සියල්ලම නිවැරදිව කළමනාකරණය කිරීම මත පමණක් ඔබේ අවශ්‍යතා ව ඉටුවේ.
කොතැනක හෝ මින් එක ක්‍රියාවක් හෝ සිදුවූයේ නැති නම් එතැන සැපයුම් දාම ය බිදී ගොස් ය.
එවිට ඔබේ අවශ්‍යතා ව අනුව ඔබ බලාපොරොත්තු වූ සන්නාමය සහිත කපු කමිසය නගරයේ සුපිරි වෙළද සැලෙන් මිළදී ගැනීමට ඔබට නොහැකි වනු ඇත . ඔබේ බලාපොරොත්තු ඉටු නොවී ඔබ ඉච්චාභංගත්වයකට පත්වීම ද නියතය .
2, සුළු, මධ්‍යම හා අනෙකුත් කර්මාන්තශාලාවලට මෙහි ඇති වදැගත්කකම කවරේද?
හැත්තෑව දශකයේ අග භාගයේදී , දේශීය ව්‍යාපාරික ලෝකයේ සිටි දැවැන්තයින් සිව් දෙනෙක් වන්නේ, නවලෝක මුදලාලි , මැලිබන් මුදලාලි , දාස මුදලාලි සහ නිකාඩෝ මුදලාලි ය.
මේ සිව්දෙනා අතුරෙන් නව ලෝක මුදලාලි තම ව්‍යාපාර ජාලය පුළුල් සහ විවිධාංගිකරනයකට පත් කිරීමේ (product diversification ) විශිෂ්ඨ ව්යවසාකයෙකි.
දාස මුදලාලි යනු මෙරට ඇගැලුම් කර්මාන්ත ක්ශෙත්‍රයේ පියාය.
මැලිබන් මුදලාලි ගේ සුවිශේෂීත්වය වන්නේ බොදු දැක්ම සිය නිශ්පාදනය දියුණුව කරා ගෙන යෑමේ උපායමාර්ගයක් ඔහුගේ චින්තනය තුල තිබීමයි .
එනම් ඔහු තම දරුවන් ට පවසා තිබුනේ ” ඔබලාට රස විදිහ නොහැකි සහ කෑමට බැරි කිසිම බිස්කට් නිශ්පාදනය ක් මොනම හේතුවකටවත් වෙළද පොළට දමන්න එපා කියාය .” වර්තමානයේ යුරෝපීය අලෙවි කළමනාකරණ ප්රාමානිකයින් හිස මුදුනින්ම පිළිගන්නා පිලිප් කොට්ලර් ගේ නවතම සිද්ධාන්ත ය වන්නේද මෙයයි.
මේ විශිෂ්ඨ යින් , තම ව්‍යපාර පුළුල් තලයකට ගෙන ආවේ කළමනාකරණ මූලධර්ම හෝ සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ පත පොත කියවා හෝ ඒ පිළිබඳ පිටරට විභාග සමත්වී හෝ නොවේ .
අපේ රටේ වාසනාවකට ඔවුන්ගේ ජානවල ව්‍යාපාරික බුද්ධිය හොඳටම තිබුන නිසාය .
යම් හෙයකින් මේ සිව්දෙනා ඒ සියල්ලම දැනසිටි යේ නම් ඉන්දියාවේ අම්බානිලා වෙනුවට මුළු මහත් ලෝකය ම අද මේ අයගේ ලෝක ව්‍යාප්ත වු
ව්‍යාපාරික ජාලයන් ගැන කතා කරනු නියතය .
කළමනාකරණ මූලධර්ම දැන සිටීම පෙට්ටි කඩයක් කරන අයෙකුට පවා වැදගත් වන්නේ ඉතාමත් සුළු වෙන් හෝ පටං ගන්නා ඕනෑම ව්‍යාපාර යකට නිශ්චිත ඉලක්කයක් ඉන් ලැබෙන නිසාය . යායුතු ගමන් මගක් (road map) ඉන් පෙන්නා දෙන නිසාය.
තවත් විදිහකින් කියනවානම්, ඕනෑම ව්‍යාපාරයකට දැක්ම (vision ) , මෙහෙවර ප්‍රකාශය (mission ) සහ අරමුණු (objectives ) ඉන් ලබා දෙන නිසාය .
අද අපේ රට බංකොලොත් වීමට ප්‍රධාන හේතුව වන්නේ ඉහත කී කාරණා තුනම රට කල පාලකින්ට නොතිබීම හෝ ඒ පිළිබඳ කිසිම තැකීමක් නොකිරීම වේ.
කෙසේ නුමුත් නිශ්පාදන වේවා , සේවා වේවා මේ කුමන කටයුත්ත කට හෝ කළමනාකරණ මූලධර්ම දැනසිටීම වැදගත් වන්නේ ඉහළ ඵලදායි තාවය ක් ලැබීමට සහ උසස් සේවාවක් තම පාරිභෝගික ජනතාවට ලබා දී තම ව්‍යාපාර ය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ය.
සැපයුම් දාම කළමනාකරණය මෙහිලා අතීශයින්ම වැදගත් වන්නේ නිශ්පාදන හා සේවා යාන්ත්‍රනය ඉතාමත් කාර්යක්ෂම ( efficient ) ව හා සඵලතායි (effective ) ව පවත්වාගෙන යෑම පිණිසයි .
ඒසදහා හිග සම්පත් වූ , පුහුණු ශ්‍රමිකයින්, (මානව සම්පත් ) , මුදල් , යන්ත්‍ර සූස්ත්ර , ද්‍රව්‍ය සහ කාළය නිවැරැදි ව කළමනාකරණය කලයුතු ය.
ඒ අනුව මිළදී ගැනීම් , ගබඩා කිරීම් සහ තොග පාළනය ත්, බෙදා හැරීම් සහ ක්‍රමෝපාය සම්පාදනය (logistics ) අප දැන සිටීම ඕනෑම සුළු හෝ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සේම කර්මාන්ත කරුවන් ට ද අතීශයින්ම වැදගත් වේ .
සෑම විටම නිවැරැදි භාණ්ඩය, නිවැරැදි තත්වයෙන්, නිවැරැදි ප්‍රමාණයෙන් , නිවැරැදි මිළට,නිවැරැදි සැපයුම් කරුවාගෙන් නිවැරැදි ස්ථානයට සහ නිවැරැදි වේලාවට ඔබට ලැබීමට සේම ඔබේ ගනු දෙනු කරුවා ට ලබාදීම ට නම් අනිවාර්යයෙන් ම සැපයුම් දාම කළමනාකරණය ඔබේ ව්‍යාපාරික ජීවිතයේ කොටසක් වියයුතුය .
එහෙත් මේ දේ සිදුවන්නේ සැපයුම් දාම පුරුක් අතර සිටින මානව සම්පත, දැණුමෙන් (knowledge ), නිපුණ තාවයෙන් (skill ) සහ යහපත් ආකල්ප (attitudes ) වලින් පිරුණු ආදරණීය මිනිසුන් වේ නම් පමනි.
අපේ මාතෘ භූමිය ට මේසා ව්‍යසනය ක් සිදුවූයේ , දැණුමැති, ණිපුණ තා ඉතාමත් ඉහළින් ම ඇති එහෙත් යහපත් ආකල්ප ගෑවිලාවත් නැති මානව ‘සම්පත්’ නිසාය.
3, මෙරට විදේශ සංචිත හිඟවීම තුල සැපයුම්දාම බිඳිගොස් ඉන්ධන,ගෑස් හා ඖෂධ මහජනතාව අපහසුතාවයකට පත්වි සිටියි. මින් කඩිනමින් කළමනාකර ගත හැකිද? එය කෙසේද?
පිළිතුරු .
මෙරට විදේශීය සංචිත හිග වීම සහ සැපයුම් දාම කළමනාකරණය අතර කිසිම සම්භන්ද යක් නොමැත
අපේ විදේශ සංචිත හිගවූයේ වංචාව සහ දූශිත පාලනය නිසාය . යහපත් ආකල්ප නොමැති ජඩ දේශපාලන මැදිහත් වීම් සහ මහ දවල් ජනතාව සතු වස්තුව සහ ධනය කොල්ල කෑම නිසාය .
මේ පාලකයින් කළමනාකරණ මූලධර්ම තුට්ටුවකට වත් මායිම් නොකලේය . හිතුවක්කාර ලෙස උද්දච්ච මානසිකත්වයකින් යුතුව තමාට සිතූදේම කලේය . චක් ලේඛ යනු විධායක ජනාධිපතිවරයා ගේ කට වචනය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය .
අප මේ ලබන්නේ එහි තිත්ත වූ ප්‍රතිඵල ය .
දැන් තවදුරටත් අතීත ගොං කං වලට දෙස් දෙවොල් තබමින් සිටීමේ කිසිම ප්‍රතිඵල යක් නැත. කලයුත්තේ මේ තත්වයෙන් ගොඩයෑමය . ඒ සදහා කළමනාකරණ මූලධර්ම වලට අනුව SWOT Analysis එකක් හෙවත් අපේ ශක්තීන් (strength ), දුර්වලතා(weakness ) අවස්ථාවන්(opportunities ) සහ භාදා /තර්ජන (threats) පිළිබඳ අවංක විශ්ලේෂණය ක යෙදී , එක් අව් රුදු, දෑ අව් රුදු , පස් අව් රුදු සහ දස අව් රුදු සැලසුම් , උපාය මාර්ගික සැලසුම් , උපාය ශීලි සැලසුම් නිවැරැදි ව සකස්කොට ක්‍රියාත්මක කිරීමයි.
සත්‍යය වශයෙන් ම අපි නිධානයක් උඩ ඉදගෙන මුළු මහත් ලෝකයේ ම අවමානයට පත්වෙමින් සිගාකන ජාතියක් බවට පත්වී සිටින්නේ අඩු වැඩි වශයෙන් අපේ ඇති ආකල්ප වල වූ බරපතල දුර්වලතා නිසාය .
ඒ අනුව පළමු කොට විය යුතු ‘System change’ එක වියයුත්තේ අපේ සිත් තුල පුරවාගෙන සිටින කුහකකම් අතහැර යහපත් ආකල්ප වලින් අපි සන්න්ද්ධ වීම ය.
