26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය, වැලි හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය, වැලි හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය, ජීව උණ්ඩයක් සහ කඩුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි.ජේ.එස්. විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කේ.ඡී.එන් පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ උ.පො.ප. ඒම්.ජී.ඒ.කේ. ජයශ්‍රී ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) උහන පොලිස් වසමේ හිමිදුරාව මාර්ගයේ, දෙමටමල් පැලස්ස මාර්ගයේ දී වැටලීමක් සිදුකරඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 920 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 460 ක්, 5.56 x 45mm ප්‍රමාණයේ ජීව උණ්ඩයක් සහ කඩුවක් ජංගම දුරකථන 03 ක් සිම්පත් 03 ක් යතුරු පැදියක් සහ මුදල් රුපියල් 21,600.00 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 29 ක අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා උහන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

හෙරොයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 280 ක් සන්තකයේ තබාගෙන ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) බෙම්මුල්ල පොලිස් වසමේ බෙම්මුල්ල පොළ හංදියේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 280 ක්, ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 28 ක බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ අවුරුදු 36 ක උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ත්‍රී රෝද රථය සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බෙම්මුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී (09) වෙල්ලාවලි පොලිස් වසමේ කෝවිල් පොරතිවු ප්‍රදේශයේ ජංගම ඉරුම්හලක් පවත්වාගෙන යමින් සිටි අයකු එම ස්ථානයේ තිබු භාණ්ඩ හා දේපොළ සමග අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ පාල්වේන කලපු ඇළ ප්‍රදේශයේදි නීති විරෝධි මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ළඟ තබාගෙන සිටි අයකු එම ස්ථානයේ තිබු භාණ්ඩ හා දේපොළ සමග අත්අඩංගුවට ගෙන තිබේ. පරයනාලන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් මුරුන්කන් පොලිස් වසමේ බලපත්‍ර නැතිව මල්වතුඔයට ට්‍රැක්ටර් රථයක් බස්සවා වැලි කෑණිම් කර පාරුවක් ආධාරයෙන් ට්‍රැක්ටර් රථයට වැලි පැටවීම සිදකළ අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ ගම්පොළ කුරුඳුවත්ත මාර්ගයේ කෙසෙල්වත්ත හංදිය අසලදි බලපත්‍ර නැතිව ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් ලග්ගල පොලිස් වසමේ විජයමිණිගම ප්‍රදේශයෙදී බලපත්‍ර නැතිව ලීමඩුවක් පවත්වාගෙන ගිය ස්ථානයක් බලපත්‍ර හෝ දැව මුද්‍රා නැතිව දැව කඳන්ද ඉරන ලැබු විවිධ ප්‍රමාණයේ දැවද සමග පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments