25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPආසියානු ක්‍රිකට් කුසාලානය සඳහා අද ශ්‍රී ලංකාව හා පාකිස්ථානය තරඟ බිමේ

ආසියානු ක්‍රිකට් කුසාලානය සඳහා අද ශ්‍රී ලංකාව හා පාකිස්ථානය තරඟ බිමේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (11) ඩුබායිහි දී ආරම්භ වනවා.

අවසන් තරඟය පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතරයි. තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා.

මීට පෙර අවස්ථා 11කදී ශ්‍රී ලංකාව කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ‌‌ගෙන ඇති අතර ඉන් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 5 කි.

පකිස්ථානය අවස්ථා 4 කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන ඇති අතර ඉන් අවස්ථා දෙකකදී අසියානු කුසලානය තමන් සතුකර ගැනීමට ඔවුන් සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව මෙවර අවසන් මහා තරගයට එක් වන්නේ සුපිරි සිව්දෙනාගේ වටයේ අපරාජිත කණ්ඩායම ලෙසය.

මෙතෙක් වැඩිම වාර සංඛ්‍යාවක් ආසියා කුසලානය දිනාගෙන ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාව 7 වතාවක් ආසියා කුසලානය ජයග්‍රහණය කර තිබෙන අතර ශ්‍රී ලංකාව පස්වතාවක් ආසියා කුලසලානය හිමිකරගෙන තිබෙනවා. පාකිස්ථානය ආසියා කුලසලානය හිමිකරගෙන ඇත්තේ දෙවතාවක් පමණයි.ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැති අවසන් පන්දුවාර 20 යි 20 තරග 04 ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. එම තරග 04 සඳහාම දසුන් ශානක නායකත්වය ලබා දීම විශේෂත්වයක්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments