29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ආසියානු ශූරතාවයේ අවසන් තරඟයට

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ආසියානු ශූරතාවයේ අවසන් තරඟයට

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරඟයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත්කරමින්.

තරඟයේ පළමු කාර්තුව නිමවනවිට ලකුණු 17ට 7ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා දැල් පන්දු ක්‍රීඩිකාවන් සමත්වුණා. දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 15ක් රැස්කර ගැනීමට සමත්වූ අතර හොංකොං කණ්ඩායමට එම කාර්තුවේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 9ක් පමණයි.

තුන්වන කාර්තුවේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කිසිඳු අභියෝගයක් එල්ල කිරීමට හොංකොං ක්‍රීඩිකාවන් අසමත් වුණා. ඒ අනුව ලකුණු 47ට 25ක් ලෙස තුන්වන කාර්තුවේද පෙරමුණ හිමිවූයේද ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමටයි. ඒ අනුව ලකුණු 67ට 43ක් ලෙස තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එම ජයත් සමග ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ද සමත් වුණා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments