29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ සෑම නිවාස 10කින් 04ක්ම ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බව...

ශ්‍රී ලංකාවේ සෑම නිවාස 10කින් 04ක්ම ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බව ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයකින් අනාවරණයවි තිබේ.

ඒ, ප්‍රාදේශීය වශයෙන් මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණ ප්‍රතිඵල (20) ප්‍රකාශයට පත්කිරීමත් සමගය.

එම සමීක්ෂණයට අනුව මෙරට කුටුම්බවලින් සියයට 79ක් පෝෂණය නොසලකා මිල අඩු ආහාර පරිභෝජනයට පෙළඹී සිටී.

49%ක් ගනු ලබන ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර සියයට 39ක් ආහාර වේල් සංඛ්‍යාව අඩුකර තිබේ.

මෙරට ජනගහනයෙන් සියයට 37ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවද ලෝක ආහාර වැඩසටහන පවසයි.

මේ අතර මෙරට තේ අපනයනයන් මේ වසරේ අගෝස්තු මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 23 දක්වා 9.7%කින් පහත වැටී තිබේ.

ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය සැලකූවිට ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 171.06ක් අපනයනය කර ඇති අතර 2021 වසරේ එම කාලය තුළ සිදුකළ අපනයන තේ කිලෝග්‍රෑම් මිලියන 187.57කි.

ඒ අනුව වසරේ පළමු මාස 08 තුළ මෙරට තේ අපනයන 8.8%කින් පහත වැටී ඇති බව තැරැව්කාර සමාගම් පෙන්වාදී තිබේ.

පොහොර හිඟය සහ පසුගිය කාලය තුළ පැවති රසායනික පොහොර තහනම මෙම තත්ත්වයට හේතුවක් ලෙස විශ්ලේෂකයින් සඳහන් කරයි.

කෙසේ නමුත් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණවීම හේතුවෙන් අපනයන තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල අගෝස්තු මාසයේදී රුපියල් 1951.82ක් ලෙස වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය සැලකූවිට අපනයන තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 927.21කි.

එය 58.7%ක වැඩිවීමක් ලෙස සැලකිය හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments