25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කුකුළුමස්වලට කෘතිම මිලක් නියම නොකර වෙළෙඳපොළට එය තීරණය වෙන්න අවස්ථාව ලබාදෙන්න-කුකුළුමස් ව්‍යාපාරිකයින්ගේ...

කුකුළුමස්වලට කෘතිම මිලක් නියම නොකර වෙළෙඳපොළට එය තීරණය වෙන්න අවස්ථාව ලබාදෙන්න-කුකුළුමස් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති

කුකුළු මස්වල මිල තීරණය කිරීමට වෙළෙඳපොළට අවස්ථාව ලබාදෙන ලෙසත් ඊට කෘතිම මිලක් ලබානොදෙන ලෙසක් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව කුකුළුමස් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු සභාපතිවරයා කියා සිටියේ නිෂ්පාදන වියදම වැඩිවීම නිසා කුකුළු මස්වල මිල ඉහල ගිය බවයි. විදුලිබිල, ජලගාස්තු හා ප්‍රවාහන ගාස්තු වැඩිවීම වගේම සතුන්ගේ අඩුවීම නිසා කුකුළුමස්වල මිල ඉහල ගොස් තිබෙන අතර මේවනවිට කුකුළු මස් කිලෝ එකක මිල රුපියල් එක්දහස් පන්සීයක් පමණ වෙයි. මේ ආකාරයට මිල ඉහල ගියොත් මාළුවලට සිදුවුණු දේ කුකුළුමස්වලටත් සිදුවෙයි.

කුකුළු මස් වෙළෙඳපොළේ දෙආකාරයට අලෙවි වන අතර එම අවස්ථාවේ මරා කුකුළු මස් අලෙවි කිරීම හා සමාගම් විසින් නිෂ්පාදනය කර සීල් කොට සුපිරි වෙළෙඳ සැල් මගින් අලෙවි කිරීම සිදුවෙයි. එහිදි මිල විවිධ වෙමින් වෙනස් වීම වළක්වන්න බැහැ. එම අවස්ථාවේ මරා අලෙවි කිරීමේ එදිනෙදා වෙළෙඳපොළට ලැබෙන කුකුළු මස් ප්‍රමාණය අනුව මිල තීරණය වන බව ඒ මහතා පෙන්වාදුන්නේය.

ඉකුත් දිනවල මාළු මිල වැඩිවුණාම ජනතාව මාළු මිලදි ගන්න එක අඩුකළ අතර දැන් කුකුළු මස් වැඩිවුණාට ඊටත් ඒ දෙයම සිදුවෙන නිසා මීට කෘතිම මිලක් ඇති නොකර වෙළෙඳපොළේ ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වෙන්න ඉඩ ලබාදෙන්න කියා අදාල බලධාරීන්වෙත දන්වා තිබෙන හෙතෙම පැවසීය. මහකන්නයේ දේශීය සහල් නිෂ්පාදනය ඉහල ගොස් තිබෙන නිසා ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන සහල් සත්ව ආහාර වශයෙන් ලබාදෙන ලෙසද ඉල්ලා සිටින බව ඒ මහතා කීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments