26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsරුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා පුපුරණ ද්‍රව්‍ය සුුඛෝපභෝගි වාහනයකින් ප්‍රවාහනය කරද්දි...

රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා පුපුරණ ද්‍රව්‍ය සුුඛෝපභෝගි වාහනයකින් ප්‍රවාහනය කරද්දි එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනාකමින් යුත් පුපුරණ ද්‍රව්‍යක් ලෙස භාවිතා කරනු ලබන ඇමෝනියා නයිට්‍රේට් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් මහතාගේ උපදෙස් අනුව පොලිස් පරීක්ෂක ඩී.එස්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) දොම්පේ පොලිස් වසමේ පනන්වල, දෙල්ගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද, පුපුරණ ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනු ලබන ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ ග්‍රෑම් 125 ක් සහ මුදල් රුපියල් 500,000.00 ක් සන්තකයේ තබාගෙන කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 41 ක, හෙළුම්මහර, දෙකටන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා දොම්පේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments