කේරළ ගංජා සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සිදුකර ඇත. ඒ් අනුව කලාප අණදෙන නිලධාරී බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) යක්කල පොලිස් වසමේ කොළඹ නුවර මාර්ගයේ දී වැටලීමක් සිදුකර රුපියල් දෙලක්ෂයකට වැඩිවටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් හා එම කේරළ ගංජා ජාවාරමින් උපයන ලද මුදල් රු. 122,080.00 සහ ත්‍රීරෝද රථයක් සමග යක්කල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යක්කල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මිනිස් පරිභෝජණයට නුසුදුසු සීනි තොගයක් ගබඩාකරගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට කලාප අණදෙන නිලධාරී බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඩබ්.ජේ. ජයන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) පෑලියගොඩ පොලිස් වසමේ අංක 42/ඒ, නවනුගේ පාර, පැළියගොඩ යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ ග්‍රෑම් 3,000 ක් නීති විරෝධී ලෙස ගබඩාකර තබා ගැනීමේ වරදට පැළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41,48 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත. සීනි ගබඩාකර තිබු ස්ථානය ඉදිරි අධිකරණ කටයුතු සඳහා මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.
වෛද්‍යවරයෙකු නිකුත් කරනු ලැබූ වලංගු බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් නොකර තිබියදී PREGAB මත්පෙති විකිණීමේ වරදට පුද්ගලයකු පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේනිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මහනුවර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්තේපිටිය මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඩබ්.සි.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ඒ.පී. වන්නිනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) දිඹුලපතන පොලිස් වසමේ සිටි ෆාමසි, අංක 148, ප්‍රධාන වීදිය, කොටගල යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර වෛද්‍ය ආඥා පනත යටතේ ලියාපදිංවි කරනු ලැබූ වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරනු ලැබූ වලංගු බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් නොකර තිබියදී ප්‍රී ගැබලින් යන මත්පෙති 1,207 ක් විකිණීමේ වරදට වයස අවුරුදු 38 ක කොටගල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්‍ෂක එස්.ඩබ්.එන්. ප්‍රේමතිලක මහතා වෙත භාර දී ඇත.
පුකුටිකන්නා සහ කිඹුලා ඇලේ ගුණාගේ සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයකු අයිස් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි උප පොලිස් පරීක්ෂක ඩි.ඩි.ඒ. ජයසාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) වැල්ලවත්ත පොලිස් වසමේ අංක 135/ඒ, ක්‍රවුන් විලා, වැල්ලවත්ත, නිවාස සංකිර්ණය ඉදිරිපිට දී වැටලීමක් සිදු කර
රුපියල් ලක්ෂ හයක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 33 පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේදී මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පුකටිකන්නා සහ කිඹුලා ඇලේ ගුණා යන පුද්ගලයින් සමඟ සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
