21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බූවැලිකඩ ලෙව්කේ​ගේ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරයි

බූවැලිකඩ ලෙව්කේ​ගේ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරයි

පසුගිය මස 20 වැනිදා කඩා වැටීමට ලක් වූ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ලේ ඇතැම් ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයෙන් තහවුරුවී තිබේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ඒ බව පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පිටු 21 ක වාර්තාවක් එම ගොඩනැගිල්ලේ පරීක්ෂණ ආයතනය තමන්ට ඊයේ (1 වැනිදා) භාරදුන් බව ආණ්ඩුකාරවරයා පැවසුවේය.

මෙම ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නකාරී තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය එම ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් කම්බි, කොන්ක්‍රීට් ඇතුළු අමුද්‍රව්‍ය සාම්පල රැගෙන පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

එලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව තහවුරු කරගත් කරුණු ඇතුළත් වාර්තාව මගින් ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු තිබෙන බව තහවුරු කර​ තිබෙන බව ආණ්ඩුකාරවරයා කියයි.

මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දීමට නම් සියලු කොටස් පාරීක්ෂාවට ලක් කළ යුුතු බවත්, විධිමත් පාංශු පරීක්ෂාවක් සඳහා ගොඩනැගිලි සුන්බුන් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කිරීමට සිදුවන බවත් ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය දැනුම් දී ඇතැයිද ආණ්ඩුකාරවරයා කීය. ඉදිරියේදී එවන් සවිස්තරාත්මක වාර්තාවක් සකස් කිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments