වප්පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.
වස් පවාරණය කොට කඨින චීවර පූජාව සිදුකරණ පොහොය දිනය ලෙස සැලකෙන වප්පුර පසලොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.
බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකරවීම සිදු වූයේ ද අද වැනි පොහොය දිනකය.
මේ අතර, මෙවර එෆ්.එම් දෙරණ අසපුව පෝදා සජීවි වැඩසටහන අද දිනයේ රත්නපුර ඕපනායක අකරැල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ.