21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්20 ගැන අධිකරණ කටයුතු අදින් නිමයි

20 ගැන අධිකරණ කටයුතු අදින් නිමයි

20 වැනි පනත් කෙටුම්පත පවතින ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද යන්න සලකා බැලීමට රැස්වූ අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම කටයුත්ත අද (02 වැනිදා) අවසන් කරනු ඇත.

සං​ශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 39න් 32ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කළ අතර ඒ සඳහා ඔවුනට ඉකුත් බදාදා (28 වැනිදා) රාත්‍රී 7.15 වන තෙක් අවස්ථාව ලබා දී තිබිණි.

පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පැවැත්වෙන විභාගයට මැදිහත්වී යෝජිත පනත් කෙටුම්පතට පක්ෂව කරුණු දැක්වීමට අවසර ඉල්ලූ ආචාර්ය ඕමාරේ කස්සප හිමි ඇතුළු 07 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

මහාචාර්ය ජී.එල්.පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ, මුදියන්සේලාගේ දයාරත්න, ටී.ජී.පී. අබේරත්න, ඩබ්ලිව්. ඒ. වීරතුංග පනත් කෙටුම්පතට පක්ෂව පෙත්සම් ගොනු කළ අනිත් 06 දෙනායි.

නීතිපති දප්පුල ද ලිවේරා පනත් කෙටුම්පත ගැන දරන ස්ථාවරය විනිසුරු මඬුල්ලට ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවයි.

අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමනී සිල්වා, සංජීව රාජරත්නම්, පර්සානා ජමීල්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරු වන නෙරීන්පුල්ලේ, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා, ඉඳුනිල් පුංචිහේවා, නිෂාරා ජයරත්න නීතිපති සමග පෙනී සිටිති. ආචාර්ය කස්සප හිමි, නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ, සංජීව ජයවර්ධන,මහාචාර්ය පීරිස් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන යන අය පෙනී සිටිති. ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු පිරිසක් පනත් කෙටුම්පතට පක්ෂව පෙත්සම් ගොනු කළ අනිත් තිදෙනා වෙනුවෙන් පෙනී සිටිති.

අගවිනිසුරු – ජයන්ත ජයසූරිය, සිසිර ද ආබෲ, බුවනෙක අළුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ යන විනිසුරුවරුන් හමුවේ විභාගය පැවැත්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments