ප්‍රවාහන අමාත්‍යාංශයේ සිදුකළ කොන්ත්‍රාත්වල ගෙවීම් ගෙවන්න එම අමාත්‍යාංශයට බැහැ කියනවා බැරිනම් ඇමැති යන්න ඔ්නේ -නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චි මහතා
පෙළපොත් මුද්‍රණය ඉන්දියාවට භාරදෙන්න යන බවට නිලනොවන ආරංචි තිබෙනවා සොයා බලන්න-හිමාල් ආරියසේන මහතා
රටේ ඩොලර් නැහැ කියලා ආනයනික භාණ්ඩවලට සීමා දමා හිටි හැටියේ එම සීමා ලිහිල් කොට අනවශ්‍ය භාණ්ඩ වගේම නිමි භාණ්ඩ ගෙන්වීම සිදුකරන්නේ කාගේ ඩීල් එකකටද මෙයින් මේ රටේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත විනාශ වෙනවා නේද මේවා ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය ලක්කරන ලෙස බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපතිනි ටානියා එස්.අබේසුන්දර මහත්මිය ඉල්ලා සිටියාය.
ඇය මේ බව සඳහන් කළේ ඉකුත් (01) ඉදිකිරීම්කරුවන්ගේ ගොඩනැඟිල්ලේ පිහිටි මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහත්මිය මෙසේද පැවසුවාය.
රටට බරක් නැතිව ජීවත්වන සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන් රැකගන්න වැඩපිළිවෙලක් නැහැ. රටේ ලොකු නිලධාරීන්ට හා පාර්ලිමේන්තුවේ 225ටත් කිසිදු දෙයක් කිව්වාට අහෙන්නෙත් දැනෙන්නේ නැහැ. ඒ් අයට විදුලි බිල හා බදු බර ගැන තේරුමක් නැහැ. ඒ් නිසා අපි කියන දේවල්වලට කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ප්‍රතිචාර දක්වන්නේ තමන්ට කොමිස් ලැබෙන අයගේ කතාවලට පමණයි. ආනයනික භාණ්ඩ නවත්වනවා. හිටපු ගමන් රටින් මුදල් යන ආකාරයට නිමිභාණ්ඩ ගෙන්වන්න කටයුතු කරනවා. කිසිදු සැලසුමක් නැහැ. අපි බදුගෙවලා මේ සියලු අයට සැප විඳින්න අවස්ථාව ලබාදෙනවා. කර්මාන්තවල විදුලි බිල 75%ක් වෙලා බෑංකු පොළිය 28%, 34% වැඩිවෙලා. අපේ බෙල්ල මිරිකලාද රට සංවර්ධනය කරන්න හදන්නේ. ඒ් නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ නිසි බුද්ධිමත් නිලධාරින්ගෙන් නිවැරැදි උපදෙස් අරගෙන ක්‍රියාකරන්න වැරැදි උපදෙස් අනුව වැඩකරන්න එපා. සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන් කැඳවලා අදහස් විමසන්න. රටක් ඉදිරියට යන්න කර්මාන්ත ආර්ථිකයක් තිබෙන්න ඔ්නේ. රට මෙච්චර වැටිලත් තවමත් ගන්නේ වැරැදි තීරණයි.
අවම වශයෙන් රටේ ප්‍රධාන අයගේ වියදම් අඩුකර ගත යුතුයි. ඩොලර් නැහැ කියලා ඉඳලා කිසිදු සැලසුමක් නැතිව හිටිහැටියේ අනවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න කටයුතු කරනවා. නිමිභාණ්ඩ ගෙන්වන විට රැකියා නැතිවෙනවා වගේම ඩොලර් පිටරටට යනවා. ඇඟළුම් ක්ෂේත්‍රයේ 80%ක්ම ස්වයංපෝෂිත තත්ත්වයේ තිබුණා ඒ් ක්ෂේත්‍රය කඩා වැටෙනවා කියන්නේ රැකියා මිලියනයක් පමණ අනතුරකට පත්වෙනවා. ඉදිරියට එන්නේ උත්සව සමයයි. මේ සැලසුම් සමග කොහොම ඊට මුහුණ දෙයිද කියලා හිතන්න බැහැ. මේක ඩීල් එකක් කියලයි මටනම් හිතන්නේ. ජනාධිපති කමිටුවක් දැම්මා පත්වීම තිබෙනවා රැස්වීමක් නැහැ. අපිට කතා කරන්න වෙලාවක් දෙන්නේ නැහැ. නිලධාරින්ටහුඟාක් වැඩ තියෙනවාලු. අපි ගෙවන බදුවලින් තමයි මේ අය වැටුප් ගන්නේ යැපෙන්නේ. කර්මාන්ත අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහා බැංකුව හා බැංකු පද්ධතිය යන ආයතනවල නිලධාරින් සමග එක මේසයක සිට කතා කරන්න අපිට අවස්ථාවක් ඉල්ලා තිබෙනවා ඊට තවම අවස්ථාවක් නැහැ. ක්‍රෙඩිට් ලයින් කියා කියා ගේනවා තවතවත් රට ණය වෙනවා. රට තවතවත් ප්‍රපාතයට යවනවා මිසක් නිසි වැඩපිළිවෙලක් නැහැ. රටේ නාස්තිවෙන සෑම සතයකම බර පැටවෙන්නේ මේ රටේ දුක්විඳින ජනතාවටයි.
මෙම සංසදයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චි මහතා….ආර්ථික සැලසුම්කරණයේදී අපේ රටට නිසි සැලසුමක් නැති බව හරි පැහැදිලියි.අපිට පටි තද කරගන්න කියාල බැංකු පොළි වැඩිකරනවා ඉන් බැංකුත් වැටෙනවා. කබ්රාල් කෙනෙක් වෙන්න එපා කියලා වත්මන් මහා බැංකු අධිපතිගෙන් ඉල්ලනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් නැවතිලා මහාබැංකුවෙන් අපිට ගෙවන්න රුපියල් කෝටි විසිදහසක් තිබෙනවා ඉන් කෝටි අටදහසක් තිබෙන්නේ මහාමාර්ය අමාත්‍යාංශය තුල සිදුකළ ව්‍යාපෘති සඳහායි. ප්‍රවාහන ඇමැති කියනවා කෝටි දසදහසක් තිබෙනවා එය ගෙවන්න බැහැ කියලා අපිද මේ තත්ත්වය උදාකළේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අය පාරට බැස්සොත් අරගලයට එහා යන බව මතක තබාගත යුතුයි.
ආනයනය කරන භාණ්ඩ හඳුනාගන්නේ ආනයන පාලක හා මහා භාණ්ඩාගරයයි මේ අයයි භාණ්ඩ ගෙන්වන ව්‍යාපාරිකයින් අතර සම්බන්ධයෙක් නැහැ කියලා හිතන්න පුළුවන්ද මේ ගැන විමර්ශනයක් කරලා රටට අවශ්‍ය දේ අනවශ්‍ය දේ හඳුනාගන්නේ නැත්තේ ඒ්කයි. සීනි බදු සත විසිපහට අඩුකිරීමෙන් රූපියල් කෝටි හාරදහස් පන්සීයක් පාඩුයි. රටට ගේන්න අවශ්‍ය මොනවාද අදාල බලධාරීන් දන්නේ නැහැ. 2019 සිට බදු ගෙවන අයගෙන් බදු ගත්තේ නැහැ. මිලියන හයසීයක් අහිමිවුණා. සූදු පනත යටතේ සූදුපවත්වාගෙන ස්ථානවලින් ඉකුත් වසර දොළහකින් බදු අයකර නැහැ. මේ තමයි රටට අහිමිවුණු ආර්ථිකය මේ ආර්ථික වසරින් වසර මුදලාලිලා පෝෂණය කරන්න සහන දුන්නාම අයවැයේ හිඟය බිලියන දෙදහස් දෙසියි විසිතුනයි. එය පියවාගන්නේ කොහොමද අපිට බදුගහලයි.
හිමාල් ආරියසේන මහතා….. ආරංචියක් තිබෙනවා ඇත්තද නැද්ද කියලා දන්නේ නැහැ පෙළපොතුත් ඉන්දියාවට මුද්‍රණය කරන්න දෙන්න යනවා කියලා. කොළ ගේන්න සල්ලි නැහැ කියනවා පොත ගේන්න සල්ලි තිබෙනවාද. මේක සොයා බැලිය යුතුයි. බැංකු පොළිය වැඩිවෙලා තිබෙනවා. ඒ් ගැන බලධාරීන් අවධානය යොමු විය යුතුයි. අනෙක් යම් කතීකාවක් තිබුණා කර්මාන්ත බැංකුවක් ගැන ගෝඨාභය ජනාධිපතිත්, මහා බැංකු අධිපතීත් කිව්වා. කර්මාන්ත බැංකුවක් සකස් කරලා ඊට ලැබන අරමුදල් වලින් කර්මාන්ත වලට සහන දෙන්න වැඩපිළිවෙලක් සකස් කරනවා කියා. නමුත් ඒ්වා කතාවට සීමාවෙලා අනෙකුත් රටවල එවැනි දේවල් සිදුවෙනවා. බැංකුව වැඩි පොළි අනුපාත අයකළාම ඒ්වා ගෙවලා අපිට අඩුමුදලට නිෂ්පාදන අලෙවිකරන්න පුළුවන්ද.