29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ස්ථීර සේවයේ යෙදි සිටින සේවකයින්ටත් අර්ධකාලීන සේවයේ යෙදන්න නීති ගෙන එන්න-විද්වත් වෘත්තිකයින්ගේ...

ස්ථීර සේවයේ යෙදි සිටින සේවකයින්ටත් අර්ධකාලීන සේවයේ යෙදන්න නීති ගෙන එන්න-විද්වත් වෘත්තිකයින්ගේ සංගමය

දියුණු රටවල මෙන් රජයේ හා පෞද්ගලික අංශයේ ආයතනවල ස්ථිර සේවකයින්ටත් අර්ධකාලීන සේවය කිරීමේ අවස්ථාවක් ලබාදීමට නීති සකස්කරන්නයි ඉල්ලමින් විද්වත් වෘත්තිකයින්ගේ සංගමය යෝජනාවලියක් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානයක්කාර මහතා වෙත භාරදී තිබේ.

මේ සම්බන්ධයෙන් එම සංගමය ඉකුත්(01) එම සංගම් කාර්යාලයේ පැවැත්වු මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු එහි සභාපති දුලිත පෙරේරා මහතා……කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රි ලංකාවට 2020පළමු කාර්තුව තුල රැකියා එක් ලක්ෂ හැටදහසක් පමණ කොන්ත්‍රාත් අවසන් කර තිබෙන බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා. විරැකියාව 5.7% දක්වා වැඩිවෙලා තිබෙනවා. සංවිධානවල තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමටත්, ශ්‍රමවෙළෙඳපොළේ නම්‍යශීලි බව වැඩිකිරීම සඳහාත් ඉහල විරැකියා අනුපාතයන්ට එරෙහිව බොහෝ කාලයක් තිස්සේ ලොවපුරා ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡාවට ලක්වුණු දෙයක්. මේ ඇතිවෙලා තිබෙන හිඩැස පිරවීම සඳහා සිදුකරන ක්‍රමවේද ගොඩාක් තිබෙන ඒ් අතර මේ තාවකාලික හා අර්ධකාලීන සේවකයින් යොදාගැනීමේ සංකල්පය ඇතිවෙන්නේ. මේක බොහෝ දියුණු රටවල ප්‍රචලිතයි. එහි‌ බොහෝ ධනාත්මක දේවල් ගොඩාක් තිබෙනවා. අර්ධකාලීන සේවකයකු යනු පවතිනකම්කරු නීතිරීති අනුව සම්මත වැඩ සතියක් තුල නිශ්චිත පැය ගණකට වඩා අඩුවෙන් වැඩකරන අයෙක් හැටියට තමයි සළකන්නේ. බොහෝ රටවල් මේ ක්‍රමය ඇතිකරමින් ඉදිරියට ගොස් තිබෙනවා. රාජ්‍ය ආයතන සඳහා අර්ධකාලීන සේවය හඳුන්වාදීමත් පෞද්ගලික අංශය සඳහා මෙය ප්‍රවර්ධනය කිරීමත් තමයි අපේ නිර්දේශය.

මේසේ අර්ධකාලීන අය සඳහා නීතිරීති සකස් කරන ලෙස තමයි අපේ යෝජනාවලියේ තිබෙන්නේ මේ අයට රක්ෂණ ආවරණයක්ද ලබාදෙන ලෙස අපි ඉල්ලා තිබෙනවා.

මෙය පාසැල් කාලයේ සිටම උසස් අධ්‍යාපන කාලයෙදීත් මෙම අර්ධකාලීන සේවය කිරීමේ අවස්ථාව ඇතිකරමින් ඒ් අයට හොඳවෘත්කියෙක් වෙන්න අවස්ථාවක් සකස් කර දිය යුතුයි.මේවා දැනටමත් දියුණු රටවල් තිබෙන දේවල් එවිට රැකියා පෝලිම්වල ඉන්න අවශ්‍ය නැහැ. තමන් ලබා තිබෙන වෘත්තීය පුහුණුව සහා අධ්‍යාපනයෙන් දෙස් හෝ විදෙස් රැකියාවකට පහසුවෙන්ම යන්න පුළුවන්.

මේ අවස්ථාවට ආචාර්ය ලලිත් විජේතුංග, රවි රූපසිංහ යන මහත්වරු අතුළු නිලධාරී කිහිප දෙනකු එක්වෙමින් අදහස් දැක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments