ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ රාජකාරී කටයුතු වල යෙදී සිටියදී, ඕමානයේ මස්කට් සිට WY 0371 මගින් (30) මෙරටට පැමිණි කාන්තාවක් සහ පිරිමින් දෙදනකු මගීන් තිදෙනෙක් සැක පිට නවතා පරීක්ෂා කිරීමේදී, ඔවුන් ඉතා සූක්ෂම ලෙස රන් තහඩු සාදා ඒවා සඟවා තම trolly මහින් ගුවන්තොටුපල පර්යන්තයෙන් පියතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගන්න ලැබු රත්තරං වල බර කිලෝ 7.5ක් වන අතර එහි වටිනාකම මිලියන 160 ක් පමණ වේ. මේ පිලිබදව ඉදිරි විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසි සිදුකරනු ලබයි. මෙයට අමතරව එම ගුවන් යානයෙන්ම මෙරටට පැමිණි තවත් මගියෙක් කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් රන් තම ගුද මාර්ගයේ සගවා පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස සඟවා ගෙන පැමිණි රත්තරං වල වටිනාකම ආසන්න වශයෙන් මිලියන 12ක් පමණ වේ. මේ පිලිබඳ ඉදිරි විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු සිදුකරනු ලබති.
