29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනගරාසන්න පාසැලකට මත්කුඩු බෙදු කාන්තාවක්, එල්.ටි.ටි.ඊ. යුද සමයේ තිබු ආයුධ තොගයක් එස්.ටී.එෆ්....

නගරාසන්න පාසැලකට මත්කුඩු බෙදු කාන්තාවක්, එල්.ටි.ටි.ඊ. යුද සමයේ තිබු ආයුධ තොගයක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නගරාසන්න ප්‍රධාන පාසලක සිසුන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදූ කුඩු රැජින සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. කලාප අණදෙන නිලධාරී හම්බන්තොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වී.වී. දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ මගපෙන්වීම යටතේ උප පොලිස් පරික්ෂක ජී.කේ. නන්දපාල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) හික්කඩුව පොලිස් වසමේ හික්කඩුව සුමංගල ජාතික පාසල් භුමිය තුල දී වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 08 මිලි ග්‍රෑම් 229 ක් සමග අවුරුදු 29 ක වයසේ පසුවන කාන්තාවක් සහ අවුරුදු 22 වයසේ පසුවන කළුපේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම කාන්තාව කාලාන්තරයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරනු ලැබු බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක ආර්.ඒ.පී.ටී. රණතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) මුලතිව් පොලිස් වසමේ සෙල්වපුරම්, නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරන ලද බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි මි.මී. 60 මෝටාර් උණ්ඩ 03ක්, ආගස්ට් වර්ගයේ බෝම්බ එකක්, ආරූල් බෝම්බයක්,හඳුනා නොගත් අත්බෝම්බයක් අත්අඩංගවට ගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය, කඩුවක් සහ කිනිස්සක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායෙන් වටලයි
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායම් (04) රාගම පොලිස් වසමේ ලේක්සයිඩ් වත්ත බුදු පිළිමය අසල දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04ක්, කඩුවක් සහ කිනිස්සක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 34 පසුවන ලේක්සයිඩ් වත්ත, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments